පත්තර මහ ගෙදරට සම්මාන | දිනමිණ

පත්තර මහ ගෙදරට සම්මාන

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ 30වැනි සංවත්සර සැමරුම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට කළ දායකත්වය වෙනුවෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට විශේෂ සම්මානයක් එහිදී පිරිනැමුණු අතර, එම සම්මානය මැතිවරණ ‍කොමිෂන් සභා‍වේ සභාපති මහින්ද ‍දේශප්‍රිය මහතා අතින් ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන, සැලසුම් සහ අලෙවි) රසන්ත චන්ද්‍රතිලක මහතා ලබාගත් අයුරු.

ඡායාරූපය - වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න