‘මත්රකුසා පරදවමු’ නාට්‍ය ලේක්හවුස් ආයතනයේදී | දිනමිණ

‘මත්රකුසා පරදවමු’ නාට්‍ය ලේක්හවුස් ආයතනයේදී

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීම මූලික අරමුණ කරගනිමින් ප්‍රදර්ශනය කරනු ලබන “ මත්රකුසා පරදවමු “ නාට්‍ය ලේක්හවුස් ආයතනයේදී පසුගියදා ප්‍රදර්ශනය කෙරුණි.

කොටුව පොලිස් ස්ථානාධිපති වැඩ බලන පොලිස් පරීක්ෂක ඒ. එම්.ඩබ්ලිව්. සාගර ලියනගේ මහතා මෙය සංවිධාන කළ බව කොටුව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ජූඩ් දීපාල් මහතා පැවසීය.

මේ නාට්‍ය ප්‍රධාන වශයෙන් කොළඹ කොට්ඨාසය ඇතුළුව ලංකාව පුරාම සියලුම පාසල්වල, පෞද්ගලික ආයතනවල , හා රජයේ ආයතනවල ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් කීය .

මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන අවස්ථාවලදී ද ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් පුනරුත්ථාපනය සිදු කරන අතරම මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවිය හැකි තරුණ පිරිස් එම අවදානමෙන් බේරා ගැනීම මේ නාට්‍ය මගින් බලාපොරෙත්තු වන බව ඒ මහතා අවධාරණය කළේය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ මේ නාට්‍ය කොළඹ මධ්‍යභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත පලාමල්දෙණිය මහතා යටතේ සිදු කෙරුණු බවත් පැවසූ ඒ මහතා එහි අධ්‍යක්ෂණ කටයුතු පොලිස් සැරයන් ජූඩ් දීපාල් මහතා විසින් සිදු කෙරුණු බවත් කීය. රංගන කටයුතු සඳහා ප්‍රවීණ රංගනශිල්පී පොලිස් සැරයන් හෙට්ටිආරච්චි මහතා , පොලිස් ශාඛා නිලධාරීන් සහභාගි වු බවත් කීය.

චන්දිමා කරුණාරත්න
ඡායාරූප - මාලන් කරුණාරත්න

නව අදහස දක්වන්න