විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 | දිනමිණ

විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු  ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහගේ නියෝගයට අනුවයි.

එහිදී විනිසුරුවරිය මෙම පැමිණිල්ල ලබන 21 වනදා කැඳවන බවත් එදිනට එය විභාගයට ගන්නා දිනය නියම කරන බව සඳහන් කළේය.

උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය  බී.ඩෙනිෂ්වරන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූණි.

උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන්ට එම තනතුරේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස දන්වා අතුරු නියෝගයක් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් වෙත 2018 වසරේ අගෝස්තු මස නිකුත් කර තිබුණි.

 

නව අදහස දක්වන්න