කිලිනොච්චිය මහ රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි | දිනමිණ

කිලිනොච්චිය මහ රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි

කිලිනොච්චිය මහ රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර අද (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 
 
නව ගොඩනැගිලි සංකීර්ණයක්, වාට්ටු හා ශල්‍යාගාර, නවීන වෛද්‍ය පහසුකම් ගණනාවක් ද මෙම දෙවන අදියරට අයත්ය.
 
මේ අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් සහ සිවඥානම් ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න