යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අනිවර්ය කරයි | දිනමිණ

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අනිවර්ය කරයි

මෙරට භාවිත කරන යාන්ත්‍රික කියත් (Chainsaw machines) ලියාපදිංචිය අනිවර්යය කර ඇතැයි ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
 
ආරක්‍ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝගය පරිදි ආරක්‍ෂක අමාත්‍යංශය විසිනු ගත් තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇත. 
 
වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ඡාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණ වේ. 
 
ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනික හෝ පුද්ගලිකවම භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත්, ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතුවේ.
 
එම ලියාපදිංචි කිරීම් පෙබරවාරි 20වනදා ආරම්භ කරන අතර සියලු ලියාපදිංචි කිරීම් පෙබරවාරි 28වනදා වනවිට අවසන් කළ යුතු බව අමාත්‍යංශය සදහන් කරනු ලැබේ. අදාළ ලියාපදිංචියෙන් පසු, හඳුනාගැනීම සදහා විශේෂ බලපත්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කිරීමට ද නියමිතය. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

අදහස් 2ක් ඇත

Lankawe Pihi Siyalla Liyapadinchi kala yuthui, Pihi Lankawata Genweema Minpasu Thahanam, Kussiye wath Thiya ganna Be, Langa Thiyagana ahu unoth Dedi Danduwam "Kohomada Polon Mole" Marai Ne? Mama Polisiyatath Denum dunna

Lankawe Okkoma Pihi Liya padinchi karanna Kiyala man Polissiyatath Kiwwa Meeta passe lankawata Pihi Gena eka thahanam Karanawa Hondai neda? Kohomada mage Polon Mole marai ne?

නව අදහස දක්වන්න