VirTrans Capital වෙතින් සුපිරි ප්‍රවාහන සේවයක් | දිනමිණ

VirTrans Capital වෙතින් සුපිරි ප්‍රවාහන සේවයක්

2019 ක් වු 30 වෙනි බදාදා දින කොළඹ දී, සුපිරි ක්‍රිකට් තරු යුවලක් ලෙසින් ඉතිහාසයට එක් වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර හා දිවයිනේ විද්‍යුත් - ප්‍රවාහන (e-transport) සේවා සපයන සමාගමක් වන් VirTrans Capital අතර හවුල්කාරිත්වය උත්කර්ෂවත් අන්දමින් කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේ ”ලෝටස් රූම් ” ශාලාව දී ප්‍රකාශයට පත් කරන ලදී.

වසර 15 කට අධික කාලයක් පුරාවට නව්‍ය ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස කටයුතු කරන C L Synergy පුද්ගලික සමාගමේ හදුන්වා දීමක් ලෙස VirTrans Capital නම් කළ හැකිය. C L Synergy සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක වන රොෂාන් සිල්වා මහතා කියා සිටියේ භාණ්ඩ සහ සේවා ක්ෂෙත්‍රය තුළ රඳා සිටීමෙන් අප ලද අත්දැකීම් තුළින් ගමනාගමනය යනු කුමක්ද කියා අප වටහා ගත් අතර විනිවිදභාවය අඩු කම (lack of transparency), නිශ්ඵල සන්නිවේදනය (unproductive communication), නිෂ්ක්‍රීය නැවත හරවා යැවීම් (unproductive reverse haulage), සැබෑ කාලීන දෘශ්‍යතාවය (lack of real time visibility) වැනි කරුණු ප්‍රධාන වශයෙන් මෙම ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන අසමර්ථතා ලෙස දැක්විය හැකිය. අප විසින් සිදු කළ පුළුල් පර්යේෂණ සහ සාවධ්‍යතා අධ්‍යයනය තුලින් මෘදුකාංග ඵීසදුම් (software solution) දියුණු කිරීමේ පටන් පවත්නා ක්‍රියාවලිය ස්වංක්‍රීයකරණය (Automation) කිරීමට අපි තීරණයක් ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස “SyTrans” හදුන්වා දිය හැක” ලෙසයි.

“SyTrans” යනු නව්‍ය මෘදුකාංග පද්ධතියක් (innovative software platform) වන අතර එමගින් පාරිභොගිකයා සහ ප්‍රවාහන ආයතනය අතර ගනුදෙනු කිරීමේ පහසුව සපයයි. මෙම ක්ෂේත්‍රය පුරාවට මෙතෙක් නොදුටුව විනිවිදභාවය, නම්‍යශීලීත්වය, ආරක්ෂිත කාර්ය පටිපාටිය සහ උසස් ඵලදායීත්වයක් ලබා ගැනීමට මෙම මෘදුකාංගය ඉවහල් වේ. මෙම තාක්ෂණික පාරවේධනය ශ්‍රී ලංකා භූමියෙන් එහාට අනිකුත් රටවල් පුරාවටද ශ්‍රී ලාංකීය නව තාක්ෂණික සොයාගැනීමක් ලෙසින් පැතිරී යනු ඇත.

 

නව අදහස දක්වන්න