ලෝක සර්ෆින් තරඟාවලිය මෙරට දී? | දිනමිණ

ලෝක සර්ෆින් තරඟාවලිය මෙරට දී?

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

ආකර්ෂනීය ගමනාන්තයක් ලෙස වර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව දැනට ලෝක ශ්‍රේණිගත කිරීමේ දී ඉහළින්ම පසුවෙයි.ඒ අනුව සර්ෆින් තරඟාවලිය මෙවර ආරුගම්බුබේ හි දී ජුනි මාසයේ දී පැවැත්වීමට ඉඩකඩ ඇත.

මේ මඟින් ලංකාවේ වේගයෙන් වර්ධනය වන සංචාරක ව්‍යාපාරය පිළිබඳව ලෝකය වෙත ප්‍රදර්ශනය වනු ඇති අතරම සාර්ක් සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව පිළිබඳ ඇති අවධානයද වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සංචාරක ආකර්ෂනය වැඩි ආරුගම්බේ වෙරළ තීරයේ පවතින සුන්දරත්වය මෙන්ම උස්ව නැ‍ඟෙන රළ හේතුවෙන් ලොව සර්ෆින් ක්‍රිඩකයින් මෙන්ම ක්‍රිඩා ලෝලීන් අතර වඩාත් ජනප්‍රිය ප්‍රදේශවක් බවට ආරුගම්බේ පත්වී තිබේ. ලොක ශූරතාව සඳහා ආරුගම්බේ තෝරා ගැනීමට එම හේතුව විශේෂයෙන් බලපා ඇත.ලෝක සර්ෆ් ලීග් තරඟාවලිය පවත්වනු ලබන ප්‍රදේශයට සෘජු ආදායම ඩොලර් 450, 000 ක් පමණ සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේවෙතත්, මේ පිළීබඳ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ඒ සඳහා ලෝකයේ අවධානය වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ .

වර්ල්ඩ් සර්ෆ් ලීග් ඉසව් ලෝක ව්‍යාප්ව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමට නියමිත සාමාන්‍යයෙන් මිලියන 120 ක් පමණ පිරිසක් මෙම ඉසවි නැරඹීම සිදුවෙයි. මෙසේ ලෝකයට වෙත ප්‍රචාරය වීම නිසාම ආරුගම් බේ සහ

මෙරට නැගෙනහිර ප්‍රදේශය පමණක් නොව, සමස්තයක් සංචාරක කර්මාන්තයේ දැවැන්ත ආකර්ෂණයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම අනුග්‍රහකත්වය සැපයීම සඳහා මෙන්ම ක්‍රිඩා අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කවුන්සිලය, ආරුගම් බේ සංචාරක සංගමය සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රහයෙන් සර්ෆින් සම්මේලනයේ මූලිකත්වයෙන් මෙරටට මෙම වැඩමුළුව ගෙන ඒමට විශාල ප්‍රයත්න දරයි. .

උතුරු මැද පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන අමාත්‍යංශය යටතේ ඇති මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය මගින් මෙම වැඩසටහනට සහයෝගය දක්වයි.

 


නව අදහස දක්වන්න