රටට දැරිය හැකි සංචාරක පිරිස ගැන අධ්‍යනයක් | දිනමිණ

රටට දැරිය හැකි සංචාරක පිරිස ගැන අධ්‍යනයක්

තිර සර ලෙස මෙර‍ටට දැරිය හැකි සංචාරකයන් ප්‍රමාණය පිළිබඳව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රි ලංකා-ලෝක බැංකු ඒකාබද්ධ අධ්‍යනයක්.සුදුකිරීමට සැලසුම්කර ඇත .මෙම අධ්‍යනය සඳහා අවශ්‍ය අරමුදල් පිළිබඳව ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා පැවසුවේ "අපි ව්‍යාපෘතියෙන් අඩක් කරනවා .අනෙක් කොටස සම්පූර්ණ කිරීම සඳහා අපට ණය අවශ්‍යයි.

ණය සඳහා කැබිනට් අනුමතිය බලා සිටිමු. යනුවෙණි.

මෙම අධ්‍යනය මඟින් මෙරට සංචාරකයන් සඳහා වන ප්‍රවාහන සහ යටිතල පහසුකම් ආදී අංශයන් අධ්‍යයනය කිරීමට නියමිතය.මේ අනුව රට‍ට ගැළපෙන රටෙහි සංචාරක ධාරිතාවය තීරණය කිරීමට නියමිතය.

සංචාරක සංවර්ධන අධිකාරිය මින් පෙර පවසා සිටියේ මෙරට සෑම සංචාරක කලාපයකම ධාරිතාවය ඉහළ යමින් පවතින බවයි. මෙම අධ්‍යනයෙන් අනතුරුව සංචාරකයන්ට, මෙරට වාසීන්ට හා පරිසරයට අනවශ්‍ය ලෙස පීඩනයක් ඇති නොකර සංචාරකයන්ට තිරසාර ලෙස හැසිරවිය හැකි ආකාරයෙන් මෙරට‍ට ගැලපෙන සංචාරකයින් ප්‍රමාණය කොපමණ දැයි තීරණය කරනු ඇත. 2018 දී එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මෙම තත්වය පිළිබඳව එරෙහිව අනතුරු අඟවා තිබේ.

මෙරටට පැමිණෙම්න් සිටින සංචාරකයින් පැමිණෙමින් ප්‍රමාණය වාර්ෂිකව වර්ධනය වෙමින් පවතී.

ජනප්‍රිය සංචාරක ප්‍රකාශක ලෝනලි ප්ලැනට් සහ නව ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් 2019 දී මිලියන 3 ක් සංචාරකයින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

ජාතික වනෝද්යානයේ යාල, සීගිරිය, සහ තල්මසුන් නැරඹීම සම්බන්ධයෙන් දැනටමත් ඉහළ ආකර්ෂණයක් ඇත‍. සංචාරක තදබදය අඩුකරගැනීම සඳහා විකල්ප සෙවීමද මෙම අධ්‍යනයේ අරමුණකි.

සමිප්‍රදායිකව සංචාරක තදබදය ඇති නොවන සංචාරක කලාපවල සංචාරක ආකර්ෂණ වැඩි දියුණු කිරීම සඳහා වන සංවර්ධනය සැලසුමි හා යෝජනා මෙමඟිනි ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට ලෝකයේ බාර්සිලෝනා, වෙනිසියුලාව සහ ඇම්ස්ටර්ඩෑම් වැනි යුරෝපීය අතිශය ආකර්ෂණිය සංචාරක ගමනාන්ත වල සංචාරකයින්ට එරෙහිව උද්ගතවී ඇති සමාජ විරෝධතාවන් පිළිබඳව මෙහිදී සලකා බැලීමට නියමිතවෙයි.

නව අදහස දක්වන්න