අවදානම මඟහරින්න | දිනමිණ

අවදානම මඟහරින්න

ඔබ නිරූපණය කරන ආයෝජක කාණ්ඩය කුමක්ද?

ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ආයෝජනය කළමනාකරණය සිදුකරනු ලබන වෘත්තීය මුල්‍ය උපදේශකයන් විසින් තම ගනුදෙනුකරුවන් සඳහා ඔවූන්ගේ අවදානම් පිළිගැනීමේ කැමැත්ත සලකා බලා මෙලෙස අවදානම් කාණ්ඩ නිර්මාණය කිරිම සිදුකරනු ලබයි.

සමහර ආයෝජක කාණ්ඩ ආකෘති කිහිපයක් ඔබේ අවබෝධය උදෙසා පහත දක්වා තිබේ.

1. ගතානුගතික අවදානම් කාණ්ඩය (Conservative Risk Profile) :

ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීම අරමුණු කරයි.

ඉතා පහළ මට්ට්මේ අවදානමක් ගනී. ඔබගේ මුලික අරමුණ වන්නේ ඔබ ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය නැතිනම් මුලධනය ආරක්ෂා කර ගැනීමයි. ඔබ ඔබගේ වත්කම්වලින් පෙර උපකල්පනය කරන ලද ඉපැයීමක් බලාපොරොත්තු වන අතර ඒ සඳහා ඔබ තෝරාගන්නේ ස්ථිර කල්පිරීම් සහිත පුර්ව නිගමනය කරන ලද ප්‍රතිලාභ සහිත ආයෝජනයන්ය. ප්‍රාග්ධනය වර්ධනය කරගැනීම හෝ ඔබගේ ධනය වර්ධනය වීම ද්විතියික වැදගත්කමක් ගන්නා කාරණාය. ඔබ ඉතාම සීමිත අවදානමක් පමණක් භාර ගැනීමට කැමති අතරම ඔබේ වත්කම ආයෝජනය කරන්නේ කෙටිකාලීන ආයෝජනයක් වශයෙනි.

2. ආරක්ෂිත හෝ මධ්‍යස්ථ අවදානම් කාණ්ඩය (Defensive or Moderate Risk Profile) :

පියවරෙන් පියවර සිදුවන ප්‍රාග්ධන වර්ධනයක් අරමුණු කරයි.

පහළ මට්ටමේ අවදානමක් ගනී. ඔබගේ අරමුණ වන්නේ මුලික ආයෝජනය හරහා සාපේක්ෂ වශයෙන් ස්ථාවර හා නිරන්තර ආදායමක් ලබාගැනීමයි. එමෙන්ම ඔබට මධ්‍යස්ථ මට්ටමක අවදානමක් තමන් ආයෝජනය කළ වත්කම් අනුව දරා ගැනීමට හැකිය. ඔබ දීර්ඝ කාලීන වශයෙන් ඔබගේ ධනය පියවරෙන් පියවර වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අතරම මෙම ආරක්ෂිත ආයෝජන කලඹ තුළ අඩංගුව තිබෙන්නේ විවිධාංගීකරණය වූ ස්ථාවර අදායම් සහිත සුරැකුම්පත් කුඩා ප්‍රමාණයන්ය.

3. සමබර අවදානම් කාණ්ඩය (Balanced Risk Profile) :

අවදානම හා ප්‍රතිලාභය අතර තුලනයක් පවත්වාගෙන යාම ඔබගේ ප්‍රධාන අරමුණ දීර්ඝකාලීනව ප්‍රාග්ධනය වර්ධනය සිදුකර ගැනීමයි. ඔබ සාපේක්ෂ වශයෙන් ස්ථාවර ප්‍රතිලාභ සොයන අතරම මධ්‍යස්ථ අවදානම් පිළිගැනීමටද පසුබට නොවේ. එපමණක්ද නොව ඔබ වත්කම් හරහා ආදායමක් අපේක්ෂා කරයි. බැඳුම්කර හා කොටස් සමාන ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත වූ සමබර ආයෝජන කළඹක් තබා ගැනීම සිදුකරයි.

4. ක්‍රියාශීලී අවදානම් කාණ්ඩය (Dynamic Risk Profile) :

දියුණු කළ හැකි අවදානම් කාණ්ඩය

ඔබ අරමුණු කරන්නේ ඔබගේ මුල්‍ය තත්ත්වය දීර්ඝකාලීන ක්‍රියාමාර්ග හරහා වර්ධනය කරගැනීමටයි. එනම් වඩා ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමට ඉහළ මට්ටමේ අවදානමක් ගැනීමට කැමැත්තක් දක්වයි. ඔබ නිරන්තරයෙන්ම කොටස්වල මිල කෙටි කාලීනව ඉහළයාම පිළිබඳව අවබෝධයෙන් සිටින අතරම ඔබේ ආයෝජනයේ තාවකාලික පසුබෑම තවත් කොටස් මිලදී ගැනීමේ අවස්ථාවක් ලෙස ඔබ සලකයි. ඔබගේ වත්කම්වලින් ලබන ආදායමට ඔබ ලබා දෙන්නේ සීමිත වැදගත්කමකි. මේ ආකාරයට ඔබගේ ක්‍රියාශීලී ආයෝජන කළඹ, විවිධ මට්ටම්වල එකතුවක් වන අතරම එය තුළ ඉහළ ප්‍රතිශතයක කොටස් අඩංගු වේ.

5. වර්ධනීය / ආක්‍රමණශීලී අවදානම් කාණ්ඩය (Growth/Aggressive Risk Profile) :

දියුණුව සොයා යාම

ඔබගේ මුලික අභිප්‍රායය වන්නේ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමයි. අනෙක් ආයෝජනවලට සාපේක්ෂව කොටස් වෙළෙඳපොළවල් වර්ධනය වන බව ඔබ අවබෝධ කරගෙන සිටී. දියුණු වන ආයෝජන කළඹ තුළ බහුතරයක් කොටස් අඩංගු වේ. කෙසේ නමුත් ඔබ, ඔබගේ සියලු ආයෝජනයන් කොටස්වල පමණක් බහා තැබීමට අකමැති වේ. එහිදී වඩාත්ම අවදානම් සහගත කාරණය ලෙස ඔබගේ වත්කම් වල මිල ගණන් බොහෝදුරට උච්චාවචනයට ලක්විය හැකි බව ඔබ දැන සිටියි. එමෙන්ම අවදානම් සහගත ආර්ථික ක්ෂෙත්‍රයන්හි ලාභ ලැබීමේ අරමුණින් ආයෝජනයේ යෙදීමට ඔබ කිසි විටෙක බිය නොවෙයි. ඔබ වෙළෙඳපොළේ වන තාවකාලික ඉහළයාම් හා බිඳවැටීම් වාසි සහගත ගනුදෙනු සඳහා සුදුසු අවස්ථා ලෙස දකියි. තවද ඔබගේ වත්කම්වලින් ලබාගත් ආදායම් ප්‍රමාණය ගැන ඔබ එතරම් සැලකිලිමත් නොවේ.

කොටස් වෙළෙඳපොළ පිළිබඳව තොරතුරු ලබාගත හැකි ක්‍රම

Data Library –සියළු ලැයිස්තුගත සමාගම්වල කොටස් ගනුදෙනු සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ. (කොළඹ සහ අනිකුත් ශාඛා වලින් ලබා ගත හැක)

Stock Market Daily, Weekly, Monthly, Quarterly ප්‍රකාශන මගින් (www.cse.lk)

කොළඹ කොටස් හුවමාරුව විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ සහ අනිකුත් ප්‍රකාශන මගින් (www.cse.lk, www.cse.edu.lk වෙබ්අඩවි හරහා සහ කොළඹ සහ අනිකුත් ශාඛා වලින් තොරතුරු ලබා ගත හැක).

කොළඹ කොටස් හුවමාරුවෙහි නිල Android සහ iOS Mobile App මඟින්

කොළඹ කොටස් හුවමාරුවෙහි නිල Twitter, Facebook, Linkedln සහ Youtube ගිණුම් හරහා

මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, අනුරාධපුරය, අම්බලන්තොට සහ රත්නපුරහි පිහිටි ශාඛා ජාලය හරහා

වෙබ්අඩවිය : www.cse.lk, දුරකථන අංක + 94 11 2356456, ඊ මේල් : [email protected]


නව අදහස දක්වන්න