ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක නිලධාරීන් 40ක් මරු‍ට | දිනමිණ

ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක නිලධාරීන් 40ක් මරු‍ට

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයේදී එරට විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කර  ප්‍රහාරයක් එල්ල කර තිබේ.
 
ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෝටර් රථ බෝම්බයකින් 40කට ආසන්න නිලධාරීන් පිරිසක් මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
එම රථයේ කිලෝග්‍රෑම් 350ක් පමණ පුපුරණ ද්‍රව්‍ය තිබූ බවද සදහන් වේ. 
 
තුවාල ලැබූ නිලධාරීන් ශ්‍රී නගර්හි පිහිටි හමුදා රෝහල වෙත යැවීමට පියවර ගෙන ඇත. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානය පදනම් කර ගත් ජායිෂ් - ඊ- මොහොමඩ් නමැති ත්‍රස්තවාදී කල්ලිය මෙම ප්‍රහාරයෙහි වගකීම භාරගෙන ඇති බවයි.
 
1989 වසරෙන් පසුව ඉන්දියාවේ ආරක්ෂක අංශ ඉලක්කකර එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.
 
මධ්‍යම විශේෂ පොලිස් බලකායේ රථ 70ක් පමණ ශ්‍රීනගර් - ජම්මු අධිවේගීමාර්ගයේ ධාවනය වෙමින් පැවතියදී ත්‍රස්තවාදීන් විසින් මෙම කාර් බෝම්බය පුපුරවා හැර ඇති බවයි වාර්තා වේ.
 
ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමේදී වඩා සංවේදී කාරණයක් බවට පත්ව ඇත්තේද කාශ්මීර අර්බුදයයි.
 

නව අදහස දක්වන්න