රිටිපන්නෙට මොකද වුණේ? | දිනමිණ

රිටිපන්නෙට මොකද වුණේ?

පාරම්පරිකව අපට උරුම වූ විවිධ කර්මාන්ත තිබේ. පරම්පරා ගණනාවක් පසු කළද අපගේ පැරණි මුතුන්මිත්තන් එම කර්මාන්තවල යෙදීමට රුචිකමක් දක්වයි.

ධීවර කර්මාන්තය වර්තමානයේ මුහුදුබඩ ආශ්‍රිතව කේන්ද්‍රකර‍ගෙන තිබෙන ප්‍රධානතම සේම ජනප්‍රියතම ජීවනෝපායයි.

අප ජනතාවගේ ප්‍රධානම ප්‍රෝටීන් අවශ්‍යතාවයන් සපයා ගන්නේ මුහුදු මත්ස්‍ය ආහාර මඟිනි. මෙම අභියෝගය ජය ගැනීම වස් ධීවරයන් දිවා රෑ නොබලා මහ මුහුද සමඟ දැවැන්ත අරගලයක නිරත වෙයි.සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය හා බැඳුන වෙනමමවූ උප සංස්කෘතියක් පාරම්පරික ධීවරයන්ට උරුම වී තිබේ.

මෙම සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රිටිපන්න ධීවර ක්‍රමය හැඳින්විය හැක.රිටිපන්න ධීවර ක්‍රමය යනු නොගැඹුරු මුහුදේ සිටුවා ගත් රිටක් (ගසක කොටසක්) මත ධීවරයා නැගී මාළු පිත්තක් උපයෝගි කරගෙන ඇමක් අටවා මාළුන් අල්ලා ගන්නා සරල ක්‍රමයකි.

ධීවරයා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුහුදු ජලය නොකළඹා මාළුන් අල්ලා ගැනීමේ උපක්‍රමයක නිරත වීමයි.එහෙත් වර්තමාන රිටිපන්න ධීවරයාගේ සැබෑ ජීවන තත්ත්වය එසේ නොවේ. බොහෝවිට වර්තමාන රිටිපන්න ධීවරයා රිටිගහට නගින්නේ මාළු බෑමට නොව සංචාරකයන් පිනවා අතමිට සරුකර ගැනීමට බව ඔබ නොදන්නේ ද? අනේකවිධ ආර්ථික ප්‍රශ්න හමුවේ රිටිපන්න ධීවරයා යනු ප්‍රදර්ශන භාණ්ඩයක් බව නොකියාම බැරිය.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය

 

නව අදහස දක්වන්න