ක්‍රිකට්වලට හෙටක් නැද්ද? | දිනමිණ

ක්‍රිකට්වලට හෙටක් නැද්ද?

ක්‍රිකට් ක්‍රීඩාව සැලකෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසය. ලොකු කුඩා කා අතරත් ජනප්‍රියම ක්‍රීඩාව වශයෙන් සැලකෙන්නේ ක්‍රිකට් ය.ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වීමට බලපෑ හේතු කීපයක් තිබේ. ආකර්ශනීය ක්‍රීඩාවක් ලෙස එදා එංගලන්තයෙන් අපට ලැබුණු මේ මහා දායාදය ඉතා කෙටි කලක් තුළ සමස්ත ලෝකයා හදවතින්ම වැළඳගත්හ.මීට දශක කීපයකට පෙර වසරකට අප රට තුළ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව තිබුණේ තරග දෙකක් හෝ තුනක් පමණි.

ලෝක කුසලානය ප්‍රමුඛව බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලිය ඇතුළු තරග ඉසව් සීමිත ප්‍රමාණයකි. එදා අද තරම් රටේ නමගිය සමාගම් අනුග්‍රහය දක්වමින් ක්‍රිකට් තරග නොපැවැත්වූ අතර තිබුණු කෙටි තරගාවලි ජනතාවගේ ආකර්ශනයට ලක්විය.ශ්‍රී ලංකා ක්‍රිකට්වල ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මුල්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක මැතිතුමාගේ යුගයයි.එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කළ අය සහ ක්‍රිකට් ක්‍රීඩකයන් මුල්තැන දුන්නේ මුදල්වලට තනතුරුවලට ‍ෙනාව රටේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමටය.

එහෙත් කල්යත්ම මෙම ක්‍රීඩාවේ ඇති ජීව ගුණය පිරිහී මුදල් මත හඹා යන ක්‍රීඩකයන් සහ විවිධ සංගම් හතු පිපෙන්නා සේ බිහිවිය. ක්‍රීඩකයන්ද රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙක තබා තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් වෙහෙසෙන්නට විය.මෙම සියලු අංශවල කඩාවැටීම වර්තමානයේ අප අත්විඳින බොහෝ පරාජයන්ට හේතුවූවා දැයි සැක සිතේ.

ඩබ්. කේ. මොහාන්
මහවැලි සී කලාපය

නව අදහස දක්වන්න