මැනිං පොළට නව සවියක් | දිනමිණ

මැනිං පොළට නව සවියක්

කොළඹ මැනිං වෙළෙඳ පොළ සීමාසහිත එක්සත් මැනිං පොදු වෙළෙඳුන්ගේ අවමංගල්‍යාධාර හා සුබසාධක සමිතියේ 20වන සංවත්සරය පසුගියදා මැනිං වෙළෙඳ පොළ භුමියේදී පැවැත්විණි.වසර 20ක් පුරා සමිතිය මගින් ගෙන ගිය සුබසාධන වැඩ පිළිවෙළ මැනිං ‍වෙළෙඳ ප්‍රජාවගේ මෙන්ම ජනතාවගේ ද පැසසුමට ලක්වී තිබීම විශේෂත්වයකි. ඈත දුෂ්කර දිස්ත්‍රික්කයන් හි පාසල් දරුවන්ට කොළඹ අවට ප්‍රදේශ, ආයතන දැක බලා ගැනීම සඳහා පහසුකම් සැලසීමත්, දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ ලබාදීමත් එකී සුබසාධන හා සමාජ සත්කාර අතර කැපී පෙනේ.පොදු පරමාර්ථ ඉටුකර ගැනීම වෙන‍ුවෙන්ම කැපවූ සීමාසහිත එක්සත් මැනිං පොදු වෙළෙඳුන්ගේ අවමංගල්‍යාධාර සහ සුභසාධක සමිතිය නව වසරට පත්වූ නිලධාරී මණ්ඩලය මෙසේ සඳහන් කරමු.

සභාපති - නිමල් වීරතුංග, උප සභාපති - ගාමිණී රූපසිංහ, ලේකම් - තුසිත නිර්මල, උප ලේකම් - රත්නපාල රංචාගොඩ, භාණ්ඩාගාරික - සුදත් විජේවීර, සංවිධායක - සමන් රංගජීව, ගිණුම් පරීක්ෂක - ප්‍රදීප් මාරඹගේ,

විධායක සභාව

උදය, ෂෙල්ටන්, නාලක, සපුතන්ත්‍රි, සුමිත්, චමින්ද, ප්‍රදීප්, සුනිල්, බුද්ධික, සේන, නන්දන, නවීන් මහත්වරු පත්වූ අතර මැනිං වෙළෙඳ පොළ වැනි මහා සේවයක් සිදුකරන දැවැන්ත වෙළෙඳ සංකීර්ණයක සුබසාධක කටයුතු මෙහෙයවීම අගය කළ යුතු මහා කාර්යකි. ඒ සඳහා මෙම නිලධාරි මණ්ඩලයට සැවොම සහය පළකළ යුතුය.

සමින්ද උදයකුමාර
ඡායා - දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න