පසු­ගිය වසරේ වාරි­ය­පොළ පොලිස් දඩ ආදා­යම කෝටි තුනයි | දිනමිණ

පසු­ගිය වසරේ වාරි­ය­පොළ පොලිස් දඩ ආදා­යම කෝටි තුනයි

වාරි­ය­පොළ පොලිස් බල ප්‍රදේ­ශයේ මාර්ග නීති උල්ලං­ඝ­නය කිරීම යටතේ 2018 වසරේ රියැ­දු­රන්ට එරෙ­හිව අධි­ක­ර­ණය මඟින් පව­රන ලද නඩු­ව­ලින් සහ දඩ­ව­ලින් ලැබූ ආදා­යම රුපි­යල් 32,516,500ක් බව රථ­වා­හන අංශය පව­සයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මහින්ද දිසා­නා­යක මහ­තාගේ උප­දෙස් මත දිවා රාත්‍රී දෙකෙ­හිම මාර්ග රථ­වා­හන පරීක්ෂා කිරීමේ කට­යුතු කාර්‍ය­ක්ෂම කරන බවත් නීතිය දැඩිව ක්‍රියා­ත්මක කිරීම හේතු­වෙන් වැරැදි කරන රියැ­දු­රන් හසු­කර ගැනීම වැඩි වී ඇති බවත් වාය­පොළ පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවැ­සීය. පාසල් ළමයි ප්‍රවා­හ­නය කරන රියැ­දු­රන් හා පාසල් ළමයි දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් කර­ගෙන යන බවත්, ඒ මඟින් රිය අන­තුරු හා අනෙ­කුත් දූෂණ වංචා ක්‍රියා­කා­ර­කම් අවම කර­ගැ­නීම අර­මුණ වී ඇති බවත්, නිලන්ත බණ්ඩාර මහතා පැවැ­සීය. 2018 වසර තුළ අධි­ක­ර­ණය හමුවේ පවරා ඇති මුළු නඩු සංඛ්‍යාව 22373කි. රිය අන­තුරු සංඛ්‍යාව 258කි. පුද­ග­ල­යින් 26ක් මිය­ගොස් ඇත. බර­ප­තළ රිය අන­තුරු 96කි. තුවල කරු­වන් 390ක් හා අලාභ හානි 28කි. රථ­වා­හන වැරැදි සම්බ­න්ධ­යෙන් නඩු­පැ­ව­රීම අනුව බීම­තින් රිය පැදවූ ගණන 929කි. අන්ත­රා­දා­යක හා අප­රි­ක්ෂා­කා­රීව රිය පැදවූ ගණන 200කි. මාර්ග නීති උල්ලං­නය කිරීම් 6604කි.

මේ තත්ත්වය සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කර­මින් පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක නිලන්ත බණ්ඩාර මහතා කියා සිටියේ වාහන පැද­වී­මේදී විනය ගරුක වූයේ නම් මෙවන් අන­තුරු සංඛ්‍යාව සිදු නොවන බව හා වටිනා ජීවිත අහිමි වීමක් නොවන බවය. 2019 වසරේ රිය අන­තුරු අවම කිරීම අපේක්ෂා කරන බව කී නිලන්ත බණ්ඩාර මහතා ඒ සඳහා සියලු දෙනාගේ අව­ධා­නය යොමු විය යුතු බව කීය.

වාරි­ය­පොල මධ්‍යම සමූහ
එච්.එම්. නන්දා­වතී පති­රාජ

නව අදහස දක්වන්න