ශ්‍රී සම්බුද්ධ රාජ ලලාට ධාතු වන්දනාව අද-හෙට සේරුවිල පුදබිමේ දී | දිනමිණ

ශ්‍රී සම්බුද්ධ රාජ ලලාට ධාතු වන්දනාව අද-හෙට සේරුවිල පුදබිමේ දී

වාර්ෂිකව සංවිධාන කරන ශ්‍රී සම්බුද්ධ රාජ ලලාට ධාතු පූජා වන්දනා ආගමික පූජෝත්සවය මෙවරත් පස් වැනි වරට ඓතිහාසික සේරුවිල පුදබිමේ දී උත්කර්ෂවත් අයුරින් සිදු කිරීමට කටයුතු යොදා ඇත. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම නාහිමිගේ අනුශාසනා පරිදි සද්ධර්මාචාර්ය කැලණියේ විපුලඥාන හිමි ප්‍රමුඛ තොටගමුවේ බෞද්ධ සංගමය, දහම් පියස සහ දායක සභාව එක්ව සංවිධාන කරන මේ සම්බුද්ධ ලලාට ධාතු වන්දනා වැඩසටහන අද (16) සහ හෙට (17) සිදු කිරීමට සූදානම් කර තිබේ.

ගෞතම බුදුන් වහන්සේ විසින සපුමල් අට මිටක් පුෂ්පෝහාර දැක්වූ දිවයිනේ එකම පූණ්‍ය භූමිය වන සේරුවිල මංගල මහ සෑය අභියස සිදු කරන මේ ශ්‍රී ලලාට ධාතු පූජාව මහෝත්සවයට අෂ්ඨපාන, චතුමධුර සහිත ගිලන් පස පූජා, කිරි ආහාර, සම්බුද්ධ පූජාව, දෙතිස් ව්‍යංජන, සම්බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් ඇතුළත් වන අතර දිවයිනේ නන් දෙසින් පැමිණෙන සැදැහැවතුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විමට නියමිතයි.

රත්නසිරි පතිරණ

 

නව අදහස දක්වන්න