කෙසෙල් වත්තට ආ වන අලියා විදුලි සර වැදී මිය ගිහින් | දිනමිණ

කෙසෙල් වත්තට ආ වන අලියා විදුලි සර වැදී මිය ගිහින්

විදුලි කම්බී යොදා තිබු කෙසෙල් වත්තකට පැමිණි වන අලියකු විදුලිය සැර වැදීම නිසා ඊයේ (15) උදෑසන සෙල්ල කතරගම පුංචී දබේ ප‍්‍රදේශයේ දි මිය ගොස් සිටිය දී වනජිවි නිලධාරින් විසින් සොයා ගෙන ඇත. වයස අවුරුදු 22 ක් පමණ වන මේ වන අලියා මේ ප‍්‍රදේශයේ කෙසෙල් වගා බිමක් ආසන්නයේ වැටි මියගොස් ඇත. මේ ප‍්‍ර‍්‍රදේශයේ විශාල ලෙස කෙසෙල් වාගා සිදුකර ඇති අතර වගා වන අලින් දිනපතාම විනාශ කිරීම නිසා මෙහි සිටින ජනයාට දැඩි ආලභ හානියක් සිදුවි ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.

මියගිය අලියාගේ වලිගයේ කොටස්ද ප‍්‍රදේශවාසින් විසින් ඉවත් කරගෙන ගොස් තිබුණි.

විදුලි රැහැන් සෑම කෙසෙල් වගාබිමකම ඇද තිබෙන අයූරු දිස් වන අතර මේ වන අලියාද විදුලි රැහැනකට අසු වී මියගොස් ඇති බවට සැක කරන බව ලූණුගම් වෙහෙර අඩවී වනජිවි ආරක්‍ෂ ප‍්‍රධානි චීන්තක අබේසිංහ මහතා පැවසීය. අලියා සම්බන්ධ ලූණුගම් වෙහෙර වනජිවි නිලධාරින් පරීක්‍ෂණ පවත්වයි.

කතරගම සංචාරක - කේ. ඩි. දේවපි‍්‍රය


නව අදහස දක්වන්න