මුහුදේ නාන්න ගිය විදේශිකයා දියේ ගිලී මරුට | දිනමිණ

මුහුදේ නාන්න ගිය විදේශිකයා දියේ ගිලී මරුට

වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ

දික්වැල්ල නිල්වැල්ල උස්වත්ත ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය විදේශිකයෙකු 14 දින දහවල් දියේ ගිලී මියගොස් ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි කාල් ජෝන් මුලර් නම් ජර්මන් ජාතිකයෙකි.ඔහු සිය බිරිය සහ අනෙකුත් ඥාතීන් සමඟ මුහුදේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇත.ප්‍රදේශවාසීන්ගෙ සහායෙන් ඔහු ගොඩට ගෙන දික්වැල්ල ප්‍රාදේශීය රෝහලට රැගෙන ආවද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.මෘත ශරීරය දැනට දික්වැල්ල රෝහලේ තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ දික්වැල්ල පොලීසිය සිදු කරයි.


නව අදහස දක්වන්න