මාතලේ දිසාව පුරා මිලියන 546ක ගම්පෙරළිය ව්‍යාපෘති | දිනමිණ

මාතලේ දිසාව පුරා මිලියන 546ක ගම්පෙරළිය ව්‍යාපෘති

ග්‍රාමීය පෙදෙස්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණෙන් මේවනවිට රජය මාතලේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණයවන පරිදි රුපියල් මිලියන 546ක මුදලක් වැය කරමින් ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම සැලැස්ම දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් සියල්ල කේන්ද්‍රකර ක්‍රියාත්මක කෙරෙන අතර එමගින් පෙදෙසේ මාර්ග, සුළු වාරිමාර්ග ඇතුලු වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.

තවද මේවනවිට ඇතැම් ග්‍රාමීය පෙදෙස්හි මාර්ග පද්ධතීන් සම්පූර්ණයෙන්ම පාහේ අබලන්ව ගොස් ඇති බැවින් විශේෂයෙන් ග්‍රාමීය ජනතාව දැඩි ගමනාගමන දුෂ්කරතාවයකටද මුහුණපා සිටිති.

තත්වය මෙසේ බැවින් දිස්ත්‍රික්කයේ අදාල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත යෝජිත සියලු ග්‍රාමීය යටිතල පහසුකම් ඉදිරි කෙටියාලය තුල සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂිතය.

මාතලේ දිස්ත්‍රික් සමුහ

 

නව අදහස දක්වන්න