සරසවි අධ්‍යාපනයෙන් ලබාගත් දැනුමෙන් රටට සේවයක් කිරීමට අදිටන් කරගන්න | දිනමිණ

සරසවි අධ්‍යාපනයෙන් ලබාගත් දැනුමෙන් රටට සේවයක් කිරීමට අදිටන් කරගන්න

‘විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ලබාගත් ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක දැනුම හා චින්තනය උපයෝගී කරගෙන තමන් යෙදෙන වෘත්තීය ක්ෂේත්‍රයෙන් මාතෘභූමියට වැඩදායි උපරිම සේවාවක් සැලසීමට අදිටන් කරගත යුතු යැයි’ කැලණිය විශ්වවිද්‍යාලයේ 105 වන උපාධි ප්‍රදානෝත්සවයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ පැවසූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ 105 වෙනි උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (23) පැවැත්විණි.එම උපාධි ප්‍රදානෝත්සවයේදී තවදුරටත් අනුශාසනාවක් කරමින් කුලපති මහෝපාධ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ මෙසේ පැවසූහ.

මාතෘභූමියේ අනාගතය බාර ගැනීමට සිටින මේ උගත් බුද්ධිමතුන් මාතෘභූමියේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාකළ යුතු යැයිද පැවසූහ.

උපාධි ප්‍රදානෝත්සවය පළවන සැසිවාරයේදී බාහිර උපාධිලාභීන් 505 දෙනෙකුටත් දෙවන සැසිවාරයේදී බාහිර උපාධිලාභීන් 494 දෙනකුටත් උපාධි පිරිනැමුණි.

සියලු උපාධිධාරීන්ට උපාධි පිරිනැමීම කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අතින් සිදුකෙරිණි. මේ උපාධි ප්‍රදානෝත්සවයට කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ, නියෝජ්‍ය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, මානව ශාස්ත්‍රපීඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක යන මහත්වරු ඇතුළු පීඨාධිපතිවරු අංශාධිපතිවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු සහ ලේඛකාධිකාරී ඇතුළු මවුපියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න