ජපාන අගමැතිගේ විශේෂ උපදේශක ශ්‍රී ලංකාවට එයි | දිනමිණ

ජපාන අගමැතිගේ විශේෂ උපදේශක ශ්‍රී ලංකාවට එයි

ජපාන අගමැති සින්තෝ අබේ මහතාගේ විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී Kentaro Sonoura මහතා දෙදිනක නිල සංචාරයක් සඳහා ඊයේ (15) දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ඒ මහතා හමුවන අතර, එහිදී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. විශේෂයෙන් ඉන්දු - පැසිපික් කලාපයේ සහයෝගය, සහජීවනය සහ නිදහස තහවුරු කිරීමේ සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.

'සාගර ආපදා වැඩපිළිවෙළ සහ සාගර පාරිසරික වැඩසටහන' පිළිබඳව පුහුණු සැසියක් ද ඊයේ කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.මේ අවස්ථාවට Kentaro Sonoura මහතා ද සහභාගි විය. එසේම ජපාන නාවික නිලධාරීන් හා ශ්‍රී ලංකා නාවික නිලධාරීන් පළමුවරට පැවැත්වූ පුහුණු සැසියක් ලෙස ද මේ අවස්ථාව සැලකේ. එහිදී සාගර ආපදා අවම කැර ගැනීම පිළිබඳවත් ආරක්ෂණ ක්‍රියාවලින් පිළිබඳවත් දෙරට අතර අත්දැකීම් හුවමාරු කැර ගැනීමටත් මේ පුහුණු සැසිය ප්‍රයෝජන වු බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලදාරියෙක් පැවසිය.

චන්දන වි‍ජේකෝන්


නව අදහස දක්වන්න