බ්‍රසීලයේ ‍සුප්‍රකට මාධ්‍යවේදී රිකාර්ඩො රිය අනතුරකින් මරුට | දිනමිණ

බ්‍රසීලයේ ‍සුප්‍රකට මාධ්‍යවේදී රිකාර්ඩො රිය අනතුරකින් මරුට

බ්‍රසීලයේ ‍සුප්‍රකට මාධ්‍යවේදීයකු වන රිකාර්ඩො බොචැට් (Ricardo Boechat) ගමන් ගත් හෙලිකොප්ටර් යානය ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මේ අනතුර සිදු වී ඇත්තේ හෙලිකොප්ටර් යානය ගොඩ බැස්වීම සඳහා ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් ගත් ලොරියක එහි ගැටීම හේතුවෙනි. එහි ගමන් ගත් 66 හැවිරිදි මාධ්‍යවේදියාත් එහි නියමුවාත් මිය ගිය බවත් බ්‍රසීල ජනමාධ්‍යයේ ඉතා ශෝචනීය මොහොතක් බවත් ඒ පිළිබඳව නිවේදනය කරමින් එරට රූපවාහිනී හා ගුවන් විදුලිය මගින් ප්‍රකාශ කළේය. ඔහුගේ මරණය පිළිබඳ කනගාටුවට පත් එක් මාධ්‍යවේදියකු ඔහු හඳුන්වා දෙනු ලැබුවේ මාධ්‍යවේදියාගේ මාධ්‍යවේදියෙක් ලෙසිනි. මේ අනතුරින් ලොරි රථ රියැදුරු සුළු තුවාල ලබා ඇත.

 

නව අදහස දක්වන්න