මාරවිල රිය අනතුරක් - 04ක් මරුට | දිනමිණ

මාරවිල රිය අනතුරක් - 04ක් මරුට

මාරවිල පොලිස්වසමේ මහවැව හංදිය අසලදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එසේම තවත් 19 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
 
වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් අද(18) අලුයම මෙලෙස අනතුරට පත් විය.
 
අධික වේගයෙන් පැමිණි බස් රථය තවත් වාහනයක් පසුකර යෑමට උත්සාහ දැරීමේදී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
මෙම අනතුරින් පිරිමි පුද්ගලයින් 04දෙනෙකු මිය ගොන ඇත. 
 
එසේම කාන්තාවන් 03ක් සහ පිරිමි පුද්ගලයන් 16ක් තුවාල ලබා තිබේ.  බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරුද රෝහල් ගත කෙරුණි.
 
මාරවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

නව අදහස දක්වන්න