මැ.කොට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | දිනමිණ

මැ.කොට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් සභා ඡන්දය නොපැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා සහ සාමාජිකයින් නම් කර ඇත.

සීමා නිර්ණය කටයුතු හුවා දක්වමින් වත්මන් රජය පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම කල් දමමින් සිටින බවයි පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ.

මේ හේතුවෙන් පළාත්සභා හයක් පමණ අක්‍රිය වී ඇතැයි සඳහන් කළ එම සංවිධානය මේ තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් අදාළ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස  මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ද මෙම රිට් පෙත්සම තුළින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න