ජනපතිගෙන් අග‍මැතිගෙන් ක්‍රිකට් පිලට සුබ පැතුම් | දිනමිණ

ජනපතිගෙන් අග‍මැතිගෙන් ක්‍රිකට් පිලට සුබ පැතුම්

ප්‍රින්ස් ගුණසේකර

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් හී දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද විශ්මිත ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල ටුවිටර් ගිණුම හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කරති.

දිගින් දිගටම ලැබූ පරාජයන් අවසන් කරමින් ලැබූ මේ ජයග්‍රහණය පිළිබඳ මුළු මහත් ශ්‍රී ලංකාවම සතුටු වන බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. ලකුණු 153ක් රැස් කරමින් නොදැවී සිට මේ ජයග්‍රහණයේ නියමුවා ලෙස කැපී පෙනෙන මෙහෙවරක් කළ කුසල් ජනිත් පෙරේරාගේ දක්ෂතාව ජනාධිපතිවරයා විශේෂ ඇගයීමට ලක් කොට ඇත.

නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලැබූ මේ ජයග්‍රහණය පිළිබඳ තමන් ඇතුළු සියලු දෙනා විශාල සතුටක් ලැබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්ව ඇත. මේ අතර ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දුරකතනය ඔස්සේ අමතා උණුසුම් සුබ පැතුම් එක් කළේය.

 

නව අදහස දක්වන්න