තිත්තගල්ල,පෑලැස්ස,මත්තේගොඩට කිඹුල් බියක් | දිනමිණ

තිත්තගල්ල,පෑලැස්ස,මත්තේගොඩට කිඹුල් බියක්

ගාල්ල කොග්ගලඔයේ කිඹුලන් ඔයට වැටෙන ජල මාර්ග ඔස්සේ තිත්තගල්ල, පෑලැස්ස, මත්තේගොඩ, කහඳ, කතළුව, කොග්ගල ආදි ගොවි ගම්මානවට පැමිණිම නිසා හබරාදුව ගොවි බිම්වල සිටින ගොවිහු, ධීවරයෝ හා ගම්වාසිහු දැඩි අපහසුතාවක්ට පත්ව සිටිති. මේ නිසා දිවා රාත්‍රියේ වුවද ගොවීන් පසුවන්නේ මර බියෙනි. ධීවරයක් කිහිපදෙනකු මේවන විට කිඹුල් ග්‍රහණයට පත්ව මියගොස් ඇත. මත්තේගොඩ ද ඇළ මාර්ගයක් අසල දී කිඹුලකුට ගොදුරුව ගැමියෙක් ද පසුගියදා මිය ගීයේ ය.

මේ සති අත්තයේ (15දා) තිත්තගල්ලට මහ රැ ආ කිඹුලකු ගම්මාසීන් විසින් අල්ලා හික්කඩුව වනජීවි කාර්යලයට භාර දී ඇත. අහංගම, දික්කුඹුර අම්පාවිල ප්‍රදේශයේ දී (15) රාත්‍රී 11 ට පමණ ප්‍රදේශවාසීන් විසින් කිඹුලෙකු සොයාගෙන තිබේ. දික්කුඹුර ගාල්ල මාර්ගයේ අම්පාවිල ප්‍රදේශයේ කුඹුරක් අසල සිටිය දි ප්‍රදේශවාසීන් ඉතා දැඩි උත්සාහයක් දරමින් මෙම කිඹුලා අල්ලගත් බව ප්‍රදේශවාසීහූ පවසති.

ඌ අඩි 6ක් පමණ මෙම දිගින් යුක්ත වේ. කිඹුලා බැලීම සඳහා විශාල පිරිසක් පැමිණ බව ද ගම්වාසීහූ පවසති. හික්කඩුව වන ජීවි කාර්යලයේ කසුන් තරංග මහතා කීවේ ප්‍රදේශවාසීන් හා හෝටල් හිමියන් කසළ සමඟ මස් මාළු කොටස් අනවසරව ඇළවල් අසලට දමා යන නිසා මේවා ආහාරයට ගන්නට නිරතුරුව කිඹුලන් පැමිණෙන බවයි. කිඹුලන් අල්ලා ආරක්ෂිත ස්ථානයකට ගෙන යන වැඩපිළිවෙළක් ද ඉදිරියේ දි ක්‍රියාත්මක කරන්ට නියමිතව ඇති බව ඒ මහතා කියයි.

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ දකුණු පළාත් සංචාරක එස් දීයගහගේ

නව අදහස දක්වන්න