යාපනේ ගෙවත්තක පරණ තුවක්කු | දිනමිණ

යාපනේ ගෙවත්තක පරණ තුවක්කු

කොටි සාමාජිකයන් විසින් යුද සමයේ දී වළ දමා තිබූ බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිනි අවි නවයක් යාපනයේ තෝලන් තෝට්ටම් ප්‍රදේශයේ ගෙවත්තකින් පසුගිය දින සවස හමු වී තිබේ.

ආයුධ වළ දමා තිබූ ගෙවත්තේ අයිතිකරු විසින් වළක් හෑරීමට උත්සහා කළ අවස්ථාවේ ටී-56 වර්ගයේ ගිනි අවි හමු වී ඇත. වහා ම ඔහු ඒ බව යාපනය පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ පැමිණ ගිනි අවි ගොඩ ගෙන තිබේ. යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න


නව අදහස දක්වන්න