ඌරුබොක්කේ පිණ්ඩපාත චාරිකාව | දිනමිණ

ඌරුබොක්කේ පිණ්ඩපාත චාරිකාව

ඌරුබොක්ක අවට ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන වල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.මෙම පිණ්ඩපාත චාරිකාව පසුගිය 16 දින උදේ 8.00 ට පමණ ඌරුබොක්ක පොලිස් ස්ථානය අසලින් ආරම්භ කර ඌරුබොක්ක නගරය හරහා කොටපොල මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කර තුසිතාරාම විහාරස්ථානය දක්වා ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.මෙම පිණ්ඩපාත චාරිකාව සඳහාස්වාමීන් වහන්සේලා හැත්තෑපස් නමක්(75) වැඩම කර සිටියහ.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම නිමින්තෙන් 2019-02-16 දින සිට 2019-02-24 දින දක්වා බෞද්ධ සතියක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර එයට සමගාමීව බෞද්ධ සතිය ආරම්භ කරමින් පැවැත්වූ මෙම පිණ්ඩපාත චාරිකාව ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගිහාන් චමිල රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ප්‍රජා පොලිස් ඒකකය විසින් සංවිධානය කර තිබුණි.

ඡායාරූප ඌරුබොක්ක විශේෂ

නව අදහස දක්වන්න