සීගිරියේ සිට ඉර සේවය නරඹන්න විදේශිකයෝ පොරකති | දිනමිණ

සීගිරියේ සිට ඉර සේවය නරඹන්න විදේශිකයෝ පොරකති

සීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව 15 වන දා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීම සිදු කෙරිණි. සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ පළමු දිනයේම විනාඩි 30ක් ඇතුළත විදේශීය සංචාරකයන් 153 දෙනකු ඇතුළු වූ බවය. මීට පෙර සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාල රාමුව තුළ දීය.

මෙදින විදේශීය සංචාරකයන් බොහෝ දෙනකු කියා සිටියේ මේ අවස්ථාව උදාකර දීම ඉතා වටිනා බවය. තමන්ගේ කාලයත් වෙහෙසකින් තොරව උදේ කාලයේ සීගිරි අසිරිය දැකගත හැකි බවය. එමෙන්ම මෙදින සීගිරිගල මීදුමෙන් වැසි වන සතුන්ද සීගිරි පව්ව ආසන්නේ උද්‍යානයේ සංචාරකයන්ට දැකගැනීමට හැකිවිණි.

බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැඟ ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බවද ඔවහු සඳහන් පැවසුහ.

සිගිරි භාර පුරාවිද්‍යා නිලධාරි ජී. නිලප්‍රේම් මහතා කියා සිටියේ අලුයම 6.30ට සිගිරිය ජනතාවට ඇතුළුවීමට ඉඩහසර ලබාදුන්නද තම නිලධාරීන්ට අපහසුතා ඇතිවන බවය. අලුයම් කාලයේ සේවයට වාර්තා කිරීම වන අලින් නිසා අවදානම් ඇති බවත්, බිතුසිතුවම් ගුහාවේ යතුරු පොලිස් ස්ථානයේ රාත්‍රී තැබීම නිසා එය රැගෙන ඒමට පයින් තම නිලධාරීන්ට ගමන් කිරීමට සිදුවන බවය. මෙය සාර්ථක කරගැනීමට උත්සා කරන බව කිවේය.

විදේශික සංචාරකයන් ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කොට පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඇතුළුවීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීමට තීරණය කර තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී අත්හදා බැලීමෙන් පසුව අලුයම පහට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට අති විශාල සංචාරකයන් පිරිසක් සිගිරි නැරඹීම සඳහා පැමිණෙන බවද පෙරවරුවේ 09 ත් 11ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සිගිරි නැරඹීමට අවස්ථාව උදා කරදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකඟත්වය පරිදි විෂය භාර ඇමැති සජිත් පේමදාස මහතා අනුමැතිය ලබාදුන් බව මේජර් අනුර නිශාන්ත මහතා සඳහන් කළේය.

සිගිරිය විශේෂ
ඡායාරූප - සිගිරිය විශේෂ

  

නව අදහස දක්වන්න