ජපාන - ශ්‍රී ලංකා නාවික නිලධාරීන් පළමුවරට පුහුණු සැසියක් පවත්වයි | දිනමිණ

ජපාන - ශ්‍රී ලංකා නාවික නිලධාරීන් පළමුවරට පුහුණු සැසියක් පවත්වයි

ජපාන අගමැති සින්තෝ අබේ මහතාගේ විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී Kentaro Sonoura මහතා දෙදිනක නිල සංචාරයක් සඳහා පසුගිය දා (15) දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා ඇත. විශේෂයෙන් ඉන්දු - පැසිපික් කලාපයේ සහජීවනය සහ නිදහස තහවුරු කිරීම මුලික කැර ගනිමින් මෙම සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

එසේම Kentaro Sonoura මහතාගේ සහභාගිත්වයෙන් 'සාගර ආපදා වැඩපිළිවෙළ සහ සාගර පාරිසරික වැඩසටහන' පිළිබඳව පුහුණු සැසියක් ද 15 වැනි දා කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත් විණි.මෙම පුහුණු සැසියේදී සාගර ආපදා අවම කැර ගැනීම පිළිබඳවත් ,ආරක්ෂණ ක්‍රියාවලින් පිළිබඳවත් දෙරටේ අත්දැකීම් හුවමාරු කැර ගෙන ඇත.

මෙම පුහුණු වැඩසටහනට එක් වු ජපාන නාවික නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික නිලධාරීන් Kentaro Sonoura මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සමඟ එක්ව සමුහ ඡායාරුපයකට ද පෙනී සිටියේය.ජපාන සහ ශ්‍රී ලංකා නාවික නිලධාරීන් පළමු වරට මෙම පුහුණු සැසියක් පවත්වා ඇත.

චන්දන වි‍ජේකෝන්

නව අදහස දක්වන්න