නරමානේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති | දිනමිණ

නරමානේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති

සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සුජීවත්ව වැඩ විසූ එකම යතිවරයාණන් වහන්සේ පානදුර ගඟුල සිරිපරම විසුද්ධාරාමය සහ මොරටුව එගොඩඋයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාම උභය විහාරාධිපති මහෝපාධ්‍යය රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද සාහිත්‍ය ශිරෝමණී සාහිත්‍ය කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර ශ්‍රී ජිනේන්ද්‍ර වංශාලංකාර අතිපූජ්‍ය නරමානේ බුද්ධරක්ඛිත නාහිමියෝ අපවත් වී වදාළහ. අපවත් වනවිට උන්වහන්සේ 95 වෙනි වියේ පසුවිය. උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ සියයකට අධිකය.

පොතුපිටිය මහා විද්‍යාලය, පානදුර වලාන මහානාම මහා විද්‍යාලයන්හි උසස් පෙළ සිසු සිසුවියන් රාශියකට ඉගැන්වීමෙන් විශ්වවිද්‍යාලයට යාමට වරම් ලබාදුන් බුද්ධරක්ඛිත නාහිමියෝ, තනතුරු ලැබීමට හඹා නොගිය අතර තමන් වහන්සේට යෝජනා වූ තනතුරු ද වෙනත් අය වෙත යොමුකර මහනකම පිළිබඳ හැඟීමෙන් තම භූමිකාව තේරුම් ගෙන ආදර්ශවත්ව කටයුතු කළ නාහිමිපාණන් වහන්සේ නමකි.

ජාතික උරුමයක් බවට පත්කළ ත්‍රිපිටකය සම්පාදනය කිරීමේ මණ්ඩලයේ සභාපති ධුරය දැරූ අවසන් යතිවරයාණන් වහන්සේය. නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු මෙම මස 20 වෙනි බදාදා පස්වරු 2.00 ට පානදුර නගර සභා පිටියේදී පැවැත්වීමට නියමිතය.

පානදුර විශේෂ - උපාලි ජයරත්න

නව අදහස දක්වන්න