දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක් | දිනමිණ

දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්

පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමු වි ඇත.
 
අද (18) උදෑසන කාලයේ දී වැලිකඩ පොලීසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ. 
 
මරණකාරිය වයස අවුරුදු 50ක් පමණවන බවට සැක කෙරේ. 
 
ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුකර ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

 

නව අදහස දක්වන්න