‘ප්‍රථම සුහුරු ධීවර වරාය‘ - කලමැටිය වරාය | දිනමිණ

‘ප්‍රථම සුහුරු ධීවර වරාය‘ - කලමැටිය වරාය

ලංකාවේ ප්‍රථම සුහුරු ධීවර වරාය (SMART FISHERY HARBOUR )ලෙස කලමැටිය ධිවර සංවර්ධනය කිරීමට   පියවර ගෙන ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි. 
 
මෙහිදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චිමහතා පැවසුවේ , කොරියානු ආධාර යටතේ මෙම SMART FISHERY HARBOUR සංකල්පය ක්‍රියාත්මක කරන බවය . ධිවර වරායක කටයුතු වෙනුවෙන් විශාල විදුලියක් සේම විශාල ප්‍රමානයක් දින පතා අවශ්‍ය බවත්  නව වැඩපිළිවෙල යටතේ එම ජලය සහ විදුලිය වෙනුවෙන් වැයකිරීමට සිදුවන විශාල මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
               
නිල් ආර්ථික වැඩපිළිවෙල යටතේ මෙම SMART FISHERY HARBOUR සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර  ධිවර වරායේ ජල අවශ්‍යතා සදහා අවශ්‍ය සම්පුර්ණ ජලය මුහුදු පතුලෙන් ලබාගැනීම පිලිබදව මෙහිදී විශේෂ අධ්‍යයනයක නිරත වූ අතර මෙම අවස්ථාවට එක්ව  සිටි කොරියානු නියෝජිත කණ්ඩායම පැවසුවේ පරිසරය රැකගනිමින් මුහුදු පතුලේ සිට අඩි 150 වඩා යට සිට පිරිසිදු පානිය ජලය ලබාගැනීම මගින් ධිවර වරායේ කටයුතු සදහා පමණක් නොව අවට ගම්මාන සදහාද පානිය ජලය ලබාදීමේ හැකියාව පවතින බවය . කලමැටියප්‍රදේශයේ පවතින උග්‍ර පානිය ජල ගැටළුවට මෙය  තිරසර විසදුමක් වියහැකි බව එහිදී රාජ්‍ය ඇමැති  දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
 
මෙම නිරීක්ෂණ චාරිකාවේදී සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිලිබදව සොයාබැලූ අතර එමගින් නිපදන විදුලියෙන් කලමැටිය ධිවර වරායේ සියළු විදුලිය අවශ්‍යතා සපුරා අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාව පවතින බවත් එමගින් ජාතික විදුලිය අවශ්‍යතාව වෙනුවෙන් දායක වීමට ද සුහුරු ධීවර වරාය(SMART FISHERY HARBOUR) සංකල්පය යටතේ හැකියාව ලැබෙන බවත් අවධාරණය කෙරිණ.
 
එසේම ධිවර වරාය ආවරණය වන පරිදි ආරක්ෂික කැමරා පද්ධතියක් සවිකර එමගින් ධිවර වරාය උපයෝගී කරගනිමින් සිදුකරන විවිධ ජාවාරම් මැඩ පැවැත්වීමට සේම ධිවර වරායේ සියළු කටයුතු , ධිවර බෝට්ටුවල ක්‍රියාකාරීත්වය , බෝට්ටුවේ ගමන් ගන්නා අය , බෝට්ටුවට පටවන දෑ ඇතුළු සියලු කටයුතු අධීක්ෂයණය කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී හෙළි විණ .
 
එසේම ධිවර යාත්‍රා යොදාගනිමින් සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීමට  මෙම නව වැඩපිළිවෙල මගින් හැකියාව ලැබෙන බව තම විශ්වාශය බව සදහන් කල රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මෙම වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය කලමැටිය ධිවර වරායේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අනුව ලංකාවේ සෙසු ධිවර වරායන් 22 සදහා ද මෙම SMART FISHERY HARBOUR සංකල්පය ක්‍රියාත්මක කරන බවය .  
 
මෙම වැඩපිළිවෙල රටට ඉතා අත්‍යවශ්‍ය බව සදහන් කල රාජ්‍ය ඇමැතිවරයා එමගින් ධිවර කර්මාන්තයේ විශාල දියුණුවක් ලබාගැනීමට හැකිවන බවද පෙන්වා දෙයි.
 

නව අදහස දක්වන්න