ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් තායිලන්තයට | දිනමිණ

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් තායිලන්තයට

තායිලන්තයේ අභිනවයෙන් පත්වුනු මහාවජිරලංකෝන් රජුගේ රාජාභිෂේකය නිමිති කර ගනිමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ශ්‍රී ලංකාවෙන් එරටට වැඩම කිරීම අද(18) අලුයම සිදුකෙරුණි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම බෝධි අංකුර වහන්සේ මෙරටින් එරටට වැඩම කිරීම  සිදුකරනු ලැබේ.
 
තායිලන්තයේ අභිනවයෙන් පත්වු මහා වජිරලංකෝන් රජුගේ හෙට(19) දින පවත්වනු ලබන රාජාභිෂේකය වෙනුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටින් එරටට වැඩම කිරීම සිදුකරනු ලබයි.
 
අද අලුයම 12.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් බෝධි අංකුර වහන්සේ රැගෙන යාම සිදුකරනු ලැබිය.
 
අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් මෙම ගමනට සහභාගී වන අතර මෙම අවස්ථාවට තායිලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරියද එක්ව සිටියේය.

නව අදහස දක්වන්න