Monday, පෙබරවාරි 18, 2019 - 15:03
මිරිදිය මසුන් සඳහා ද ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා කියයි.
මස් ,මාළු ,බිත්තර,මුහුදු මසුන් සඳහා මේ වන විට පාලන මිලක් තිබුණද මිරිදිය මසුන් සඳහා පාලන මිලක් නොමැති වීම අඩුපාඩුවක් බව ද ඇමැතිවැයා පෙන්වා දෙයි.
“දැන් මාළුවලටත් පාලන මිලක් දාන්න වෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මස්වලට, බිත්තරවලට, මුහුදු මාළුවලට මිලක් දාලා තියෙනවා. නමුත් වැව්මාළුවලට සීමාවක් නෑ. වැව්මාළු තමයි නැවුම් පිට තියෙන්නෙ. මුහුදේ ඉන්න සමහර මාළු කනකොට සමහර ඒවා මාස තුනකට වැඩියි. ට්‍රෝලර් යාත්‍රාවක් ගියාම දවස් 45 කට පස්සේ තමයි එන්නේ. මුල් දවසේ ඉඳන් අල්ලන මාළු අයිස් පෙට්ටියේ දාලා තියෙන්නේ. ඒවා ගෙනැල්ලා මෙහෙ අයිස් ගබඩාවලත් දාලා තියෙනවා. එහෙම තමයි අපිට සමහර මාළු කන්න වෙන්නේ දවස් 45 කට පස්සේ.මේ නිසා අපි මිරිදිය මසුන්මිල ගැන අවධානය යොමු කළ යුතුයි.'යැයිද ඇමැතිවරයා කියයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයන්හි ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයන්ගේ ගැටලු විසඳීම සඳහා පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත.
නව අදහස දක්වන්න