මාරවිල බස් අනතුර - රියදුරු අත්අඩංගුවට | දිනමිණ

මාරවිල බස් අනතුර - රියදුරු අත්අඩංගුවට

මාරවිල පොලිස් වසමේ මහවැව හංදිය ආසන්නයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
බස් රථ රියදුරු මේ වන විට තුවාල ලබා මාරවිල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
 
මෙලෙස අත්අඩංගුවට ඇත්තේ  33 හැවිරිදි මහබුලන්කුලමල අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.
 
හලාවත කොළඹ ප්‍රධාන මාරගයේ මහවැව මංසන්ධිය ආසන්නයේදී අද(18) පෙරවරු 04.35 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්වූ අතර පුද්ගලයින් 19දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය‍.

නව අදහස දක්වන්න