නවම් පෙරහැරට කොළඹ වැහෙන මාර්ග | දිනමිණ

නවම් පෙරහැරට කොළඹ වැහෙන මාර්ග

ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහැර හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අද(18) සහ හෙට(19) දිනවල  අවහිර වනු ඇතැයි පොලිසිය පවසයි.
 
ඒ අනුව  සර් ජෙම්ස් පීරීස් මාවත, කොම්පඤ්ඤවීදිය වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටස අද රාත්‍රී 7 සිට පෙරහැර අවසන් වෙන තුරු වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර ඇත.
 
කොළඹ සිට කොම්පඤ්ඤවීදිය සර් ජේම්ස් පීරිස් මාර්ගය හරහා ගමන් කරන රථවාහන යුන්යන් පෙදෙස, ඉබ්බන්වෙල හංදිය, නගර සභා වටරවුම හරහා කොල්ලුපිටිය දෙසට හෝ ජස්ටික් අක්බාර් මාවත, අලියානාන වටරවුම, ගාලුමුවදොර වටරවුම හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කළ යුතුය.
 
කොල්ලුපිටිය දෙස සිට පැමිණෙන වාහන ගාලුමුවදොර වටරවුම, අලියානාන වටරවුම, ජස්ටික් අක්බාර් මාවත හරහා කොම්පඤ්ඤ වීදිය දක්වා හා ලිබර්ටි වටරවුම පිත්තල හන්දිය, ධර්මපාල මාවත, ටවුන්හොල් වටරවුම, ඉබ්බන්වල හංදිය, යුනියන් පෙදෙස හරහා කොම්පඤ්ඤවීදිය හංදියට ගමන් කළ හැකිය.
 

නව අදහස දක්වන්න