The Body Shop වනාන්තර යළි ඇතිකරයි | දිනමිණ

The Body Shop වනාන්තර යළි ඇතිකරයි

පසුගිය උත්සව සමය තුළ ‘Enchanted by Nature’ වැඩසටහන ඔස්සේ වර්ග මීටර මිලියන 10 ක වනාන්තර යළි ඇතිකිරීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් The Body Shop සමාගම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සිය ස්තූතිය පළකර සිටී.

යහපත් වෙළෙඳ ක්‍රමවේද භාවිත කිරීමේ සිට සතුන් යොදාගෙන නිෂ්පාදන අත්හදා බැලීම වැළැක්වීම සඳහා මැදිහත් වීම දක්වා විවිධ වූ ක්‍රියාකාරම් නිසා The Body Shop සමාගම මේ වනවිට සමාජයේ යහපත වෙනුවෙන් සක්‍රීයව දායක වන සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් දිනා ඇත. ස්වාභාවික වාසභූමි ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට එම සමාගමේ අවධානය යොමුවී තිබේ.

2050 වසර වනවිට ලෝක ජනගහනයෙන් 80% ක් පමණ නාගරික ප්‍රදේශවල ජීවත් වනු ඇතැයි අනාවැකි පළවී ඇති අතර, දැන්ම නිසි ක්‍රියාමාර්ග නොගත හොත් එම කාලය වන විට වනාන්තර හෙක්ටයාර මිලියන 230 ක් පමණ විනාශ වී යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එම නිසා අනාගත පරපුර වෙනුවෙන් ලොව වනාන්තර රැකගැනීමේ වගකීම අන් කවරදාටත් වඩා අප වෙත පැවරී තිබේ.

ලොව පුරා විනාශ වී ගිය වනාන්තර නැවත ඇතිකිරීමේ අරමුණින් The Body Shop සමාගම 'Bio Bridges Mission' නමින් වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කළේ ය. 2020 වසර වනවිට වනාන්තර වර්ග මීටර මිලියන 75 ක් නැවත ඇතිකිරීම සහ ‘ජෛව පාලම්’ 10 ක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

ජෛව පාලම් (Bio-bridges) යනු විනාශ වී ගිය වනබිම්වල ජීවත් වන, තර්ජනයට ලක්වූ ජීවීන්ට යළිත් තම වර්ගයා සමඟ එක්වී සත්ත්ව ගහනය වැඩිකිරීම සඳහා අවස්ථාව සලසා දෙන මාවත් ක්‍රමයකි. වන විනාශය නිසා මේ වනවිට ලොව පුරා සතුන් කුඩා වනබිම්වලට කොටුවී, හුදෙකලාව විනාශය කරා යමින් සිටිති. ජෛව පාලම් මගින් මෙම සතුන්ට එම හුදෙකලා වනබිම්වලින් නික්මී නිදහසේ වඩාත් පුළුල් වනබිම් වෙත පැමිණීමට අවස්ථාව සැලසෙන අතර එය ලොව ජෛව විවිධත්වය සුරැකීම සඳහා ගන්නා ලද අතිශය වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි වේ. මේ ආකාරයට මිනිස් ක්‍රියාකාරකම්වලින් ඇතිවන බලපෑම් අවම කරමින් ජෛව විවිධත්වය යළි ස්ථාපිත කර පවත්වාගැනීමට මෙම වැඩසටහන උත්සාහ දරයි.

'World Bio-Bridges' මෙහෙවරෙහි කොටසක් ලෙස, මෙම අරමුණ වෙනුවෙන්ම හඳුන්වා දෙන ලද Enchanted by Nature නිෂ්පාදන එකතුවද ඇතුළුව, දෙසැම්බර් මාසයේ දී මිලදීගන්නා ලද The Body Shop නිෂ්පාදන සහ තෑගි කට්ටලවලින් කිසියම් ප්‍රතිශතයක් මිහිතලය සුරැකීමේ මෙහෙවර වෙනුවෙන් වෙන්කරන ලදී. එක්සත් රාජධානියේ Wye Valley සහ Forest of Dean ප්‍රදේශ සහ ආර්මේනියාවේ Ararat ප්‍රාන්තයේ Caucasus රක්ෂිතය කෙරෙහි මෙහි දී විශේෂ අවධානයක් යොමුවිය.

උත්සව සමය අවසන් වුවද අපගේ ළබැඳියන්ගේ සිත් සතුටු කිරීම සඳහා තෑගි ලබාදීමට දින සති මාස සීමාවක් නොමැත. එම අරමුණ වෙනුවෙන් තවමත් ඔබට Enchanted by Nature නිෂ්පාදන කට්ටල මිලදීගත හැකි වේ. ඊට අමතරව Berry Bon Bon නිෂ්පාදන මෙන්ම Peppermint Candy Cane, Vanilla සහ Marshmallow නිෂ්පාදනද ඔබට මිලදීගත හැක. ඔබ මේ කවර නිෂ්පාදනයක් මිලදීගත්තද ඒ සියල්ල මිහිතලය සුරැකීම සඳහා The Body Shop සමාගම දරන උත්සාහයට දායක වීමකි.


නව අදහස දක්වන්න