මුල්‍ය විනයෙන් ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් | දිනමිණ

මුල්‍ය විනයෙන් ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක්

IMF කියයි

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලට ගෙවිය යුතු පොලී වියදම් හැර අනෙකුත් වියදම් රජයේ ආදායමෙන් පියවා ගැනීමට සමත් තත්ත්වයකට රාජ්‍ය මුල්‍ය කටයුතු යහපත්වීම හොඳ ප්‍රවණතාවයකැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

වසර 1955න් පසු දෙවැනි වරටත්, වසර 1992න් පසු ප්‍රථම වරටත් රාජ්‍ය මුල්‍ය අංශයේ සිදුවූ මේ යහපත් ප්‍රවණතාවය මේ වසරේදී ද (2019) සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලාපොරොත්තු ඵල කරයි.

ශ්‍රීලංකාවේ අයවැය හිඟය සහ රජ්‍ය ණය බර අඩුකර ගැනීම සඳහා රජයේ ආදායම් වර්ධනය කරගත යුතු යැයි අවදාරණය කරන ජාත්‍යන්තරමුල්‍ය අරමුදල බදු ප්‍රතිසංස්කරණ පාදක කොට ගත් රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතා උපායමාර්ග වැඩිදියුනු කළ යුතු යැයි ද කියා සිටියි.

වසර 2016 – 2019 කාලසීමාව සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1500ක විස්තීරණ ණ්‍ය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟතාවය පළ කොට තිබේ. මේ මුදලින් වාරික 04ක් එක්සත් ජනපද ඩොලර් මිලියන 760ක මුදලක් දැනට රටට ලබාදී තිබේ.

ඉතිරි මුදල වාරික ‍දෙකකින් මෙරටට ලබාදීමට නියමිතය. ඒ අනුව 05 වැනි වාරිකය ඉකුත් වසරේ අගභාගයේ ලබාදීමට නියමිතව තිබුණි. නමුත්! ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා රටේ සිදුවූ දේශපාලන අස්ථාවරත්වය හේතු කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වාරික ලබාදීම පිළිබඳව සාකච්ඡා කල් දමනු ලැබීය.

නැවත මේ වාරිකය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ ඉකුත් දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ප්‍රධානීහු හමුවී සාකච්ඡා කළහ. එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වා යන මහත්වරු ප්‍රධාන රජයේ නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

එම සාකච්ඡාවලින් පසු අප රටට පැමිණ යළි ණය වාරිකය පිළිබඳව විමසා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ කළමනාකාරිත්වය එකඟතාවය පළ කෙළේය. ඒ අනුව එහි දූත පිරිසක් අද (18) ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයෝ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානීහු , හ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ මහත්වරු හා විවිධ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ කතිකා කරනු ඇත. ඊට අමතරව දේශපාලන නායකත්වය හමු වී කරුණු දැක්වීමටද නියමිතය.

ලෝකයේ ඕනෑම රටක සමස්ත සර්ව ආර්ථික ස්ථාසිතාවය ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය විනය Fiscal Discipline අත්‍යවශ්‍ය වේ. ඒ අනුව අප රටේ ද ණය පිළිබඳ නීතිය තුලිත අයවැය පිළිබඳ නීතිය, වියදම් පිළිබඳ නීතිය හා ආදායම් පිළිබඳ නීතිය ලෙස ප්‍රධාන රාජ්‍ය මුල්‍ය නීති හතරක් ඇත. එය සපුරා ගැනීම සඳහා රජය කටයුතු කළ යුතු වේ.

මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කරුණු අවධාරණය කරනුයේ මෙස‍ේයි.

රටක සමස්ත සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය විනය’ (Fiscal discipline) අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය විනයක් පැවතීම මගින් ඵලදායී සහ ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම්‍යශීලීත්වය සපයනු ලබයි. රාජ්‍ය මූල්‍ය විනයෙහි පවත්නා අඩුපාඩු හේතුවෙන් ආර්ථිකය තුළ රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යයක් (fiscal dominance) ඇති වන අතර, එය මිල ස්ථායීතාව ඇති කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තියෙහි පවතින ඵළදායී බව දු්වල කිරීමටද හේතු වේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵල හා සම්බන්ධ වාර්ෂික සහ මැදිකාලීන ඉලක්ක ළඟා කර ගැනීම තුළින් රාජ්‍ය මූල්‍ය විනය අත්පත් කර ගැනීම අවශ්‍ය වේ රජ්‍ය මූල්‍ය අධිකාරීන් විසින් නිශ්චිත හා විශේෂිත වූ නීති අනුගමනයනොකරන්නේ නම් ඉලක්කගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵළ ළගා කර ගැනීම අපහසු වේ.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මත පනවනු ලබන දිගුකාලීන සංරෝධක රාජ්‍ය මූල්‍ය නීති (Fiscal rules) වශයෙන් හැඳින්වේ. බොහේ විට මෙම සංරෝධක ආදායම, වියදම, රජයේ අයවැය හිඟය හෝ ණය වැනි රාජ්‍ය මූල්‍ය නිර්ණායක මත සංඛ්‍යාත්මක ඉලක්ක ලෙස පනවනු ලබයි. ජාත්‍යන්තර අත්දැකීම්වලින් නිරූපණය වන පරිදි, රාජ්‍ය මූල්‍ය නීති භාවිතය තුළින් රාඣ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යා හැකි අ තර එමඟින් සමස්ත ආර්ථික අස්ථායීතාව ඇති කිරීමට හේතු වන තත්ත්වයන් වළක්වා ගත හැකිය. එබැවින්, රටක අයවැය කටයුතු. දිගුකාලීන රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය සහ ණය පැහැර නොහැරීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන බව සහතික කරගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය නීති අවශ්‍ය වේ.

රාජ්‍ය මූල්‍ය නීති වර්ගණය පිළිබඳ නීතිය, තුලිත අ යවැය පිළිබඳ නීතිය, වියදම් පිළිබඳ නීතිය හා ආදායම් පිළිබඳ නීතිය ලෙස ප්‍රධාන රාජ්‍ය මූල්‍ය නීති හතරක් ඇත. මෙම එක් එක් නිතිය සඳහා ඒවායෙහි අරමුණු, මෙහෙයුම් හා සම්බන්ධ උපදේශන, විනිවිදභාවය සහ සීමා කිරීමට බලාපොරොත්ත වන අයවැය සමස්තයන් යන කරුණුමත පදනම් වූ ආවේණික ලක්ෂණ ඇත. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය සඳහා නිශ්චිත සීමාවක් හෝ ඉලක්කයක් ණ්‍ය පිළිබඳ නීතිය මගින් පනවනු ලබන අතර, ආදායම, වියදම ඉක්මවා යා නොහැකි වන පරිදි තුලිත අයවැය පිළිබඳ නීතිය මගින් රාජ්‍ය වියදම කෙරෙහි නීතියක් පනවනු ලබයි. ඇතැම් රටවල් විසින් ව්‍යාපාර චක්‍ර මත ගැළපූ ව්‍යුහාත්මක තුලිත අයවැය පිළිබඳ නීති භාවිත කරනු ලබයි. තවද, වියදම් පිළිබඳ නීතිය මගින් පුනරාවර්තන වියදම සහ මුළු වියදම මත සීමා පනවනු ලබයි. මහජනතාව මත අති‍රේක බදු බරක් ඇති වීම වැළැක්වීමට සහ ආදායම් එක්රැස් කිරීම ඉහළ නැංවීමේ අරමුනින් යුතුව ආදායම් පිළිබඳ නීතිය මගින් රජයේ ආදායම සඳහා උපරිම හෝ අවම සීමාවක් පනවනු ලබයි.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න