වසරේ සාර්ක් කාන්තා ව්‍යවසායිකාව සම්මාන උළෙල | දිනමිණ

වසරේ සාර්ක් කාන්තා ව්‍යවසායිකාව සම්මාන උළෙල

2019 පෙබරවාරි 14, දකුණු ආසියානු කලාපයට අයත් රටවල කාන්තා ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය අගය කරනු වස් සාර්ක් කාන්තා ව්‍යවසායක වාණිජ මණ්ඩලයේ (SAARC Chamber Women Entrepreneur Council) මෙහයවීමෙන් සහ එහි සභාපතිනි රිෆා මුස්තාපා මහත්මියගේ නායකත්වයෙන් යුතුව වසරේ සාර්ක් කාන්තා ව්‍යවසායක සම්මාන උළෙල පළමු වරට මාර්තු මස 02 කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇත.

සාර්ක් කාලපයේ සෑම රටකින්ම නාමයෝජනා වූ කාන්තා ව්‍යවසායකයින්ගෙන් එක් අයකු පමණක් ”2018 වසරේ සාර්ක් කාන්තා ව්‍යවසායකයා” ලෙස සම්මාන ලබන අතර කලාපයේ ප්‍රමුඛ ව්‍යාපාරික කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අති උත්කර්ෂවත් සම්මාන උළෙලේ දී මෙම සම්මානය පිරිනැමීම සිදු කරනු ලබයි. සම්මාන උළෙලට අතිරේකව කලාපයේ ආර්ථික සහ සමාජීය අභියෝග සම්බන්ධ SCWEC වැඩමුළු සඳහා ද ඔවුන් සහභාගී වනු ඇත. මීට අතිරේකව සාර්ක් කලාපීය රටවලට අයත් වන බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය, භූතානය සහ ශ්‍රී ලංකාව යන රටවල මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ විලාසිතා ප්‍රදර්ශනයක්ද පවත්වනු ලැබේ.

SCWEC හී සභාපතිනි රිෆා මුස්තාපා මහත්මිය මෙම සම්මාන උළෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ”මෙම සමාරම්භක ජාත්‍යන්තර සම්මාන උළෙල අපගේ අසල්වැසි රටවල කාන්තාවන්ගේ සාර්ථකත්වයට ලැබෙන පිළිගැනීමක් සහ අගය කිරීමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්.එසේම ඔව්න් වෙත අවධානය යොමු කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයන් සහ ඔවුන් පිලිබඳ කැපී පෙනෙන ආදර්ශයන් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙන අතර SCWEC බලාපොරොත්තු වන දේශ සීමා රහිත ආයෝජන සහ වෙළෙඳාම සඳහා එය උදව් වන බව විශ්වාසයි. මෙම උළෙල සාර්ක් කලාපයේ සියලු දේ ප්‍රදර්ශනය කරන උළෙලක් ලෙස කිව හැකියි. සාර්ක් කලාපීය අහාරපාන සිට සාර්ක් කලාපයේ විලාසිතාවන් දක්වා වන සෑම දෙයක්ම මෙහි අන්තර්ගත වෙනවා. සැබැවින්ම මෙය ”කලාපීය පැජෙන්ට් එකක් ”

කොළඹ 08 කිතුල්වත්ත ප්‍රදේශයේ කාන්තාවන් සඳහා අඩු පිරිවැය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය හදුන්වා දී ඇති අතර මේ යටතේ ජෛව වියෝජනයට පත්වන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කර සුළු මිලකට අලෙවි කරනු ලබයි. මේ සම්බන්ධ යන්ත්‍ර සහ තාක්ෂණික දැනුම දකුණු ඉන්දියානු නවොත්පාදකයකු සහ සමාජ ව්‍යවසායකු වන ආචාර්ය අරුණාචලම් මුරුගනනාදම් මහතාගෙන් ලබා ගෙන ඇත.


නව අදහස දක්වන්න