HNB විශිෂ්ටයන් අතරට | දිනමිණ

HNB විශිෂ්ටයන් අතරට

2018 සම්මානනීය වසරට තවත් අගයක් එකතු කරමින් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ආසියාවේ විශිෂ්ටතම සන්නාමයන් අතරට සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ආසියාවේ විශිෂ්ටතම නායකයින් අතර සම්මානයට පාත්‍ර වී ඇත. විවිධ වූ ක්ෂේත්‍ර 16 ක් පර්යේෂණයට ලක් කරමින් මෙම සම්මාන සඳහා එම ආයතනයන් තෝරාගත් අතර සම්මානයට පාත්‍ර වූ ආයතන බලවත්, නැගී එන සහ මූර්තිමත් ආයතන ලෙස නම් කර ඇත. සම්මානයට පාත්‍ර වූ නායකයින් ආදර්ශමත් සාර්ථක නායකයින් ලෙස වර්ගීකරණයට ලක් කිරීමද මෙහිදී සිදු විය.

ආසියානු ව්‍යාපාරික සහ සමාජ සංසදය මගින් තුන් වන වරටත් පැවැත් වූ ”ආසියාවේ විශිෂ්ටතම සන්නාම සහ නායකයින්ගේ 2018 සම්මේලනය”, සිංගප්පූරුව, බංග්ලාදේශය,ශ්‍රී ලංකාව, තායිලන්තය, චීනය, හොංකොං, මියන්මාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ මැලේසියාව යන රටවල ව්‍යාපාරික සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සිංගප්පුරුවේ මරීනා බේ සෑන්ඞ්ස් එක්ස්පෝ සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත් විය. මෙම සම්මේලනයේ සංවිධාන කටයුතු AsiaOne සඟරාව සහ UWG Media Consulting විසින් සිදු කල අතර ක්‍රියාවලිය ඇගයීම් කටයුතු PriceWaterHouse Coopers ආයතනය විසින් සිදු කරන ලදී.

 


නව අදහස දක්වන්න