බාලසූරිය පෞද්ගලික රෝහල රන් සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

බාලසූරිය පෞද්ගලික රෝහල රන් සම්මානයෙන් පිදුම් ලබයි

පුත්තලම බාලසූරිය පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ පි‍්‍රයන්ත ලාල් බාලසූරිය මහතා කම්කරු අමාත්‍යංශය සංවිධානය කළ සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගිතා 2018 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ සේවා අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල පසුගියදා කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස 2010දී ස්ථාපිත බාලසූරිය රෝහල වයඹ සුව විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2012, 2013, 2014 සහ 2015 වසරවලදී වයඹ පළාතේ විශිෂ්ටම පෞද්ගලික රෝහලට හිමි වයඹ සුව විශිෂ්ටතා සම්මානය, වයඹ විජයාභිමානී ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය, CNCI, FCCISL හා NCE රන්, රිදී හා ලෝකඩ සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. බාලසූරිය රෝහලට ISO 9001 – 2008, ISO 14001 – 2004 තත්ත්ව සහතික සහ OSHAS 18001 අන්තර්ජාතික තත්ත්ව සහතිකයද ලැබී ඇත.

පැය 24 පුරා ක‍්‍රියාත්මක බාහිර රෝගී අංශය, විශේෂඥ වෛද්‍ය සේවා, එංගලන්තයේ RIQAS සහ ඇමෙරිකාවේ BIORAD තත්ත්ව පාලන වැඩසටහන්හි සාමාජිකත්වය සහිත වෛද්‍ය පරීක්ෂණාගාර සේවා, වායුසමනය කළ හා නොකළ කාමර, ජංගම වෛද්‍ය සේවා, ගිලන් රථ සේවා, හදිසි ප‍්‍රතිකාර සේවා, භෞත හා වෘත්තීය චිකිත්සක සේවා, අක්ෂි කාච හා ඇස් කණ්ණාඩි සේවා, අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණ, ඩිජිටල් එක්ස් රේ පරීක්ෂණ, එකෝ පරීක්ෂණ, ECG පරීක්ෂණ, EEG පරීක්ෂණ, ව්‍යායාම ECG පරීක්ෂණ, පෙණහළු පිළිබඳ Spirometry පරීක්ෂණ, එන්ඩොස්කොපි හා කොලන්ස්කොපි පරීක්ෂණ, LED විදුලි ආලෝක පද්ධති සහිත ශල්‍යාගාර, ප‍්‍රසූතිකාගාරය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජිත ඔසුසල වැනි සෞඛ්‍ය සේවා රැුසකින් බාලසූරිය රෝහල සමන්විතය. වැඩි විස්තර සඳහා www. balasooriyahospital.lk වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් 0322265200 අංකයට අමතන්න.

නව අදහස දක්වන්න