DFCC කාර්යය මණ්ඩලයේ කුසලතාවන් එළිදක්වයි | දිනමිණ

DFCC කාර්යය මණ්ඩලයේ කුසලතාවන් එළිදක්වයි

DFCC බැංකුව සියලුදෙනා මහත් උද්යෝගයෙන් අපේක්ෂාවෙන් සිටි කලා කුසලතා සංදර්ශනය DFCC Unmatched මෑතකදී නෙලුම් පොකුණ රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. වසර 10 කට පසුව නැවත වතාවක් ආරම්භ කරන ලද මෙම කුසලතා දැක්මට දහසක් පමණ වන DFCC කාර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ. කුසලතා දැක්වූවන් සහ පේ‍්‍රක්ෂකයින් යන දෙපිරිසම සෑම මොහොතකම අමන්දානන්දයට පත්කිරීමට මෙම සංදර්ශනය සමත්විය.

මෙම සංදර්ශනයට පෙර තෝරාගැනීමේ තරගවට පැවැත්වුණු අතර වේදිකාව මත තම කුසලතාවන් දැක්වීමට කාර්යය මණ්ඩලයට පැවැති විශ්වාසය සහ දක්ෂතාවන් එම වටයන්හි දී මනාව පැහැදිලි විය. මෙම කුසලතා දැක්මේ අරමුණ වූයේ කාර්යය මණ්ඩලයේ නිර්මාණිශීලිත්වය ඔප්නංවන අතර කණ්ඩායම් ක‍්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර එකමුතුභාවය වර්ධනය කිරිමයි. බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා අදහස් දක්වමින් Òකුසලතා සංදර්ශනය ඉතාමත් විනෝදාත්මක සන්ධ්‍යාවක්. අපගේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන් තුළ පවත්නා අතිමහත් කලාත්මක හැකියාවන් විදහා දැක්වීමට මෙමගින් අවස්ථාව උදාවූවා.

එසේම වෘත්තීයමය භාවයෙන් පිරිපුන් විවිධත්වයෙන් සහ ක‍්‍රියාශීලීභාවයෙන් යුත් පුද්ගලයින් ගෙන් සමන්විත අපගේ කාර්යය මණ්ඩලය සාමාජිකයින් නිර්මාණශීලී කලාකුසලතාවන්ගෙන්ද හෙබි පිරිසක් බව මෙම සංදර්ශනය තුළින් සැමට ඔප්පු කිරීමට සමත්වූවා. සියලූම සහභාගිකයින්ට සහ ජයග‍්‍රාහකයින්ට මම සුභපතනවා. සේවා ස්ථානයේදී සේවකයින් ගුණාත්මක හා කාර්යක්ෂමතාවයෙන් යුත් සේවාවක් ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරන අතරම රාජකාරිය සහ ජීවිතය අතර මනා සමතතුලිතතාවයන් පවත්වාගෙන යාමටද අපි අපගේ කණ්ඩායම දිරිමත් කරනවා.

DFCC බැංකුව කුසලතාවන් පෝෂණය කිරීමටත් පුද්ගලයන් තළ පවත්නා දක්ෂතාවන් උපරිම මට්ටමට ගෙන ඒමටත් අඛණ්ඩව ක‍්‍රියාකරන අතර අපගේ වටිනා කාර්යය මණ්ඩලයට ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට වේදිකාවක් සැපයීමට මෙවැනි සංස්කෘතික වැඩසටහන් සඳහා නොකඩවා ආයෝජනය කිරීමට කටයුතු කරනවා”

DFCC කාර්යය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන විවිධ වූ ක‍්‍රීඩා සමාජ/සංගම් තුළින් සිදුකරනු ලබන ක‍්‍රීඩා සහ බාහිර ක‍්‍රියාකාරකම් සඳහා කාර්යය මණ්ඩල සාමාජිකයින් ගේ සහභාගිත්වය ප‍්‍රවර්ධනය කිරීමට බැංකුව කටයුතු කරනු ලබයි. CIMA සහ ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාතික වාණිජ මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් හොඳම සමාගම් 10 න් එකක් ලෙසට DFCC බැංකුව හඳුනාගෙන ඇත.

 

නව අදහස දක්වන්න