සෙලාන් බැංකුවෙන් ආනයන අපනයන සේවාවන්ට ප්‍රමුඛතා | දිනමිණ

සෙලාන් බැංකුවෙන් ආනයන අපනයන සේවාවන්ට ප්‍රමුඛතා

සෙලාන් බැංකුවේ ප්‍රමුඛ පෙළේ ආනයන අපනයන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතා කවුන්ටර ක්‍රමයක් ආරම්භ කිරීමට එම බැංකුව පසුගියදා කටයුතු කළේ ය.

සෙලාන් බැංකුව හරහා සිදුකරනු ලබන ආනයන අපනයන සේවා ගනුදෙනු වටිනාකම් අනුව තෝරාගනු ලබන ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛතා පදනම යටතේ ලිපිලේඛන ලබාගැනීමේ සේවාවන් පිරිනැමීමට නියමිතය. දැනට මෙහි මූලික අදියර යටතේ ගනුදෙනු කරුවන් 50 දෙනෙකු තෝරාගෙන ඇති අතර මින් ඉදිරියට ඔවුන්ට අවශ්‍ය සේවාවන් ප්‍රමුඛතා කවුන්ටර හරහා ලබාදෙනු ලැබේ.

තවද සෙලාන් බැංකුව මගින් නිකුත්කරනු ලබන ‘ට්‍රෙඩ් ලෝයල්ටි’කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් ගනුදෙනුකරුවන්ට තවත් ප්‍රතිලාභ රැසක් හිමිකරගත හැක. මෙම කාඞ්පත් හිමියන්ට පුද්ගලික ණය සහ නිවාස ණය සඳහා විශේෂ සහන හිමිවන අතර, සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මූලික ගාස්තුව සහ ප්‍රථම වර්ෂය සඳහා වාර්ෂික ගාස්තුව අය නොකෙරේ.

අතීතයේ පටන්ම සෙලාන් බැංකුවේ ආනයන අපනයන සේවා අංශය මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම විශාල පරිමාණයේ සමාගම් වලටද අත්වැලක් වීම සඳහා විවිධ පියවර ගෙන තිබේ. මේ වනවිට එම සේවාව මගින් බැංකු සේවාවන් ව්‍යුහගත කරගැනීමේ හැකියාව (structuring),(structuring), ණයවර ලිපි නිකුත් කිරීම, අපනයන ණයවර ලිපි සඳහා උපදෙස් සහ ප්‍රතිකතිකා සේවාවන් මෙන්ම දේශීය හා විදේශීය මුදල් වලින් අරමුදල් සැපයීම වැනි විවිධ සේවාවන් පිරිනමනු ලබයි.

 

නව අදහස දක්වන්න