ගිනි නිවන හමුදාව විසින් බේරා ගත් සිංහයා | දිනමිණ

ගිනි නිවන හමුදාව විසින් බේරා ගත් සිංහයා

කැලිෆෝනියාවේ නිවසකට යාබද ගසක් උඩ සිටි කඳුකර සිංහයකු ගිනි නිවන හමුදාව විසින් බේරා ගෙන තිබේ.
 
විශාල පූසක් තම නිවස අසළ ගසක් මත සිටින බවට නිවෙස් හිමියා විසින් සිදු කළ දැනුම් දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ගිනි නිවන හමුදා භටයින් අඩි 50 පමණ ඉහළ අත්තක රැඳී සිටි මෙම කඳුකර සිංහයා බේරා ගැනීමට කටයුතු කළේය. 
 
සිහිය ලැබීමෙන් පසු එම සිංහයා කැළෑවට නිදහස් කළ බව වාර්තා වේ. 

නව අදහස දක්වන්න