ප්‍රසාද රටවලින් පාකිස්ථානය ඉවතට | දිනමිණ

ප්‍රසාද රටවලින් පාකිස්ථානය ඉවතට

හමුදා නිලධාරීන් 42 දෙනකුට මරු කැඳවමින් ඉන්දු කාශ්මීරයේදී පොලිස් රථ පෙළක් ඉලක්ක කර පසුගිය බ්‍රහස්පතින්දා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු වඩාත් ප්‍රසාද රටවලින් පාකිස්ථානය ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. පුද්ගලයින් 40 දෙනෙකු මියයාමෙන් පසුවයි.
 
විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ සභාපතිත්වයෙන් පැවති කැබිනට් ආරක්ෂක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි.
 
ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෙම මෝටර් රථ බෝම්බය 1989 වසරෙන් පසුව ඉන්දියාවේ ආරක්ෂක අංශ ඉලක්කකර එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානය පදනම් කර ගත් ජායිෂ් - ඊ- මොහොමඩ් නමැති ත්‍රස්තවාදී කල්ලිය මෙම ප්‍රහාරයෙහි වගකීම භාරගෙන ඇති බවයි.
 

නව අදහස දක්වන්න