විදුලි බල්බ­යෙන් මල් සැරැ­සි­ල්ලක් | දිනමිණ

විදුලි බල්බ­යෙන් මල් සැරැ­සි­ල්ලක්

විදුලි බල්බයක් පාවිච්චියෙන් ඉවතට දාද්දි, දෙපාරක් හිතන්න අවස්ථාවක් ඇවිත්. ඒකට හේතුව, පැරැණි විදුලි බල්බ යොදා ගනිමින් අලංකාරවත් නිර්මාණ කරීම, මේ වනවිට ජනප්‍රිය වෙලා තිබීමයි. මල් සැරසිල්ලක් විදියට විදුලි බල්බයක් සකසා ගන්නේ කොහොමද?

මුලින්ම ඇතුළත පෙනෙන විදුලි බල්බ කිහිපයක් තෝරා ගන්න. දැන් බල්බයේ හෝල්ඩරයට සවි කරන පැත්ත හෙමින් සීරුවේ කඩා, ඇතුළත තිබෙන කම්බි කැබැලි ඉවත් කළ යුතුයි. මෙය පරෙස්සමට කර ගන්න ඕනෑ. දැන් බල්බය ඇතුළත බිත්තිවල ගම් ආලේප කර ගන්න. වෙළෙඳ පොළේ තිබෙන දිලිසෙන කුඩු විතරක් නෙමෙයි, වර්ණවත් කඩදාසි කැබැලි, මුතු ඇට, රිබන්, වැලි කැට වගේ ඕනෑම දෙයක් ඇතුළු කරලා, ගම් ගා අලවා ගන්න. එමඟින් බල්බයට අමුතු අලංකාරයක් එක් වේවි. දැන් කුඩා මල් කිණිති, කොළ කැබැලි ඇතුළු කරලා, නිවෙසේ කොහේ හරි බල්බය එල්ලා තබන්න පුළුවනි. මේ වගේ බල්බ කිහිපයක් එකතු කරලා වගේ ම, කිහිපයක් වෙන වෙනම එල්ලලා තබන්නත් පුළුවන්.

බල්බය ඇතුළට ජලය පුරවා, ස්වභාවික මල්, විසිතුරු පැළ වර්ග දාලා තියන්නත් පුළුවන්. මෙය එල්ලා තැබීමට වගේ ම, මේසයක් මත තැබීමට හැකි පරිදි සකසා ගන්නත් ඔබට හැකියාව ඇත.

චින්තා රණසිංහ


නව අදහස දක්වන්න