උඩ පැන්නොත් බිම නොවැ­ටෙයි | දිනමිණ

උඩ පැන්නොත් බිම නොවැ­ටෙයි

අප අසා ඇත්තේ උඩ පැන්නොත් බිම වැටෙන බව ය. බිම වැටුණ ද, එහි වටිනාකම විද්‍යාඥයන් පෙන්වා දී ඇත. සතියකට තිස් වරක් උඩ පැනීමට හැකි නම්, අස්ථි කැඩෙන බිඳෙන රෝගයෙන් වැළකී සිටිය හැකි බව, මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් සරසවියේ පර්යේෂකයෝ පවසති.

අස්ථි කඩා බිඳ දමන රෝගය ඔස්ටියෝපොරෝසිස් ය. සතියකට තිස් වරක් උඩ පැනීමෙන්, අස්ථි සෛල වර්ධනය උත්තේජනය වෙයි. වසරකට අස්ථි ධාරිතාව සියයට දෙකකින් ඉහළ යයි.

වයස්ගත වීමත් සමඟ, විශේෂයෙන් කාන්තා පක්ෂයේ අස්ථි ධාරිතාව ශීඝ්‍රයෙන් අඩුවන්නට ගනී. පාද සමඟ දෑත් ද ඉහළට ඔසොවා පනිනවිට, අස්ථි වඩාත් හොඳින් සවිමත් වෙයි.

අඟල් 8ක් පමණ උසක සිට, ඇඟිලි අග සිට උපරිම උසට පැන, අඩි බිම තැබීමෙන් ලැබෙන ප්‍රතිඵල අත්හදා බලන්න. කෙනකුට වසරකට සියයට දෙකකින් අස්ථි ධාරිතාව ඉහළ නංවා ගැනීම ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත්ය. ආර්ථවහරණයට ආසන්න කාන්තාවන් අතර, අස්ථි ක්ෂය වීම වැඩි ය. වයස අවුරුදු පනහට වැඩි කාන්තාවන් පස්දෙනකුගෙන් එක් අයකු, ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩා විඳියි. රෝගී පිරිමින්ගේ ප්‍රතිශතය සියයට හතක් පමණි.


නව අදහස දක්වන්න