ආද­ර­යක තරම | දිනමිණ

ආද­ර­යක තරම

ආදරවන්තයන්ගේ දිනය නිමා විය. ඒ හද පුරා අන් තැනැත්තකුට සෙනෙහස දැක්වූ දිනයකි. එහෙත්, කෙනකුට දිනපතා තමන්ට ආදරය කළ හැකි නම්, ඒ ආදරය ද බොහෝ ප්‍රතිලාභ ලබා දෙයි.

තමන්ට ආදරය කරන්නන්ගේ හද ගැස්ම ක්‍රමවත් ය. ඉහළ ප්‍රතිශක්තියක් පවතී. මේ ආකාරයට, තමන්ට සෙනෙහස දැක්වීමේ සෞඛ්‍ය වාසි ගැන සොයාගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියයි. තමන්ට ආදරය කරන්නන් අන්‍යයන්ට ආදරය කිරීමේ සුබවාදී හැඟුමෙන් යුක්ත ය.හෘද ස්ඵන්දනය වේගවත් වීමෙන්, රුධිර සංසරණය නිසි ලෙස සිදු වන්නේ නැත. එවිට සිරුරට නිසි ලෙස ඔක්සිජන් ද නොලැබෙයි. හදවතේ සෛලවලට ද ඔක්සිජන් නොලැබීමෙන්, එම සෛල මිය යන අතර, හෘදයාබාධයකින් අවසන් ගමන් යාමට මඟ පෑදෙයි.

තමන්ට ආදරය නොකරනවිට, විශාදය සෑදීමට ඇති ඉඩ ද වැඩි වේ. සෙනෙහස දැක්වීමට වයසක් නැත. එහෙත්, ඊට වඩා සුදුසු වයස විස්සේ දශකයයි. වයස අවුරුදු විසි ගණන්වලදී සෙනෙහසින් බැඳී විවාහ වන්නන්, මැදි වයසේදී ආතතියට ගොදුරු වන්නේ අඩුවෙනි. මේ නිසා, සුව නින්දක් ද ලැබිය හැකි ය. එකිනෙකාට ආදරයෙන් සුරතල් වීමෙන් පවා ප්‍රතිශක්තිය ඉහළ ගොස්, බැක්ටීරියාවලින් ආරක්ෂාවී ආසාදන අඩු වෙයි. නිතර යුග දිවියේ සබඳතා පැවැත්වීමෙන්, සිරුරේ රුධිර සංසරණය හොඳින් සිදුවෙයි.

 

අන්තර්ජාලය ඇසුරිනි

චම්පිකා

නව අදහස දක්වන්න