පොලිස් ප්‍රහාරයෙන් නැවියෝ පරදිති | දිනමිණ

පොලිස් ප්‍රහාරයෙන් නැවියෝ පරදිති

ආරම්භයේ සිටම නැවියන්ට එරෙහිව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ පොලිස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අවසන් තරගයෙන් ලකුණු 26-17ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

වැලිසර නාවික හමුදා පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-10කින් පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයන් තරගය නිමා කළේ ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ 3ක් සමගිනි. නාවික හමුදා ක්‍රීඩා සමාජයට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක් සහ දඬුවම් පහරක් පමණි.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් මොහාන් විමලරත්න, ෆිජී ක්‍රීඩක එමෝසි වුනිවෝසා සහ මුවම්මර් ඩීන් උත්සාහක දිනුම් තැබූ අතර ජනිත් චන්දිමාල් එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් සහ දඬුවම් පහර 3ක් සාර්ථක කරමින් මේ ජයග්‍රහණයට උරදුන්නේය.

නාවික හමුදා පිල වෙනුවෙන් විරාජ් කොළඹආරච්චි සහ නිරෝෂ් පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර චතුර සෙනෙවිරත්න එම උත්සාහක දිනුම් 2 ගෝල බවට පත් කළ අතර දඬුවම් පහර ද සාර්ථක කරගත්තේය.

නව අදහස දක්වන්න