කටුපොල් එපා පිටබැද්දර උද්ඝෝෂණ | දිනමිණ

කටුපොල් එපා පිටබැද්දර උද්ඝෝෂණ

 විනාශකාරී කටුපොල් වගාව මෙරටින් තුරන් කර දමන ලෙස ඉල්ලමින් 17 වැනි දින පිටබැද්දර නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණිවිනාශකාරී කටුපොල් වගාවට එරෙහි ජාතික ව්‍යාපාරය සහ පිටබැද්දර සොබාදහම සුරැකීමේ සංවිධානය විසින් මෙම ‍උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.උද්ඝෝෂකයන් පිරිස විවිධ සටන් පාඨ කියමින් පෝස්ටර් බැනර් ඇතිව පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිට විරෝධතා පාගමනකින් පිටබැද්දර නගරය වෙත පිමිණ විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටියහ.

ඡායා -විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම 


නව අදහස දක්වන්න